Sihinayaki Oba Mata සිහිනයකි ඔබ මට
රු1,170.00
දීර්ඝ නින්දකින් පසුව උදේ දහයට පමණ ප්රභාවී හා මදාරාගේ කෑ ගැසිල්ල හේතු කොටගෙන අවදි වූ නදිල්, පහළට දිව ගියේ එදිනට යෙදී තිබුණු ඔහුගේ මවගේ උපන් දිනය සිහි වීමත් සමඟය.
” සුබ උපන් දිනයක් වේවා! මගේ රත්තරං අම්මාට ” කියා සුබ පතා දෙපා නැමද ඔහු වැඳ වැටුණි.
මාර නින්දක්නෙ ඒක? මෙදා හීනෙන් ආයිමත් අර වර්ෂාද කවුද හොයං ගියාද ? පුතා ‘
නෑ අම්මා මෙදා මං ගියේ හඳට. ඒ යන ගමන් මං මංඤ්ඤොක්කා දඬු ටිකකුයි බතල දඬුයි අරං ගිහිං හඳේ හිටවල ආව. පව්නෙ හඳේ හාවා බඩ ගින්නෙනෙ ඉන්නෙ. බලන්නකො අම්මා මෙදා පෝයට පන්සලට ගිහිං හඳ දිහා බැලුවාම භාවා නෙවෙයි පේන්නෙ සරුවට වැවුනු මංඤ්ඤොක්කා ඕං”
‘ පුතාට මතකද අර ලකී සපරමාදු එස් අයිව ”
” ඔව් තාත්තා. මට මතකයි ඇයි ? ”
ඒ මනුස්සය අද උදේ රාජකාරියට එද්දී ඇහැලියගොඩ පාලම් දෙක අතරදි ලොරියකට බයික් එක යටවෙලා එතනමයි කියල මට කෝල් එකක් ආව නදිල්ගේ සිහිනයේ සුවිශේෂි චරිතයක් වූ ලකී, එස්. අයි. සිට ඩී. අයි. ජී දක්වා සිහිනයෙන්ම උසස් වීම් ලද ඔහු ගැන නදිල්ගේ හද සසල විය.







Reviews
There are no reviews yet.