Keheli.lk

10% OFF

Sigiriya-සීගිරිය

රු1,575.00

සිගිරිය මුලින්ම ජනාවාස කරන ලද්දේ ප්‍රාග් ඓතිහාසික මානවයා විසිනි. සීගිරි නගරය තුල ඇති අලිගල නම් ලෙනෙන් මානව අස්ථි යනාදිය ලැබී තිබේ.

ක්‍රිස්තු පූර්ව 3 සියවසත්, ක්‍රිස්තු වර්ෂ 1 සියවසත් අතර කාලයට අයත් සීගිරියේ ඇති කටාරම් තොටවා සැකසූ ලෙන් බෞද්ධ භික්ෂුන්ගේ වාසය පිණිස වෙන් විය.

සීගිරියේ වැදගත්ම නෂ්ටාවශේෂ තාෂ්‍යප රාජ්‍ය සමයට අයක්ය. සිය පියා වූ ධාතුසේන රජු මැරවූ හෙතෙම සිය සොයුරු මුගලන් කුමරුට බියව සීගිරියට පළා ආවේය. ආරක්ෂිත රැකවලින් අනූන සියලු නගරාංගයන්ගෙන් හෙබි අලංකාර නගරයක් සීගිරිය පර්වකාග්‍රයේ තැනු කාෂ්‍යප රජු එහි සිට වසර 18 ක් දිවයින පාලනය කළේය.

සිගිරිය නගරය ප්‍රධාන කොටස් පහකට බෙදිය හැකිය. මධ්‍යයෙහි ඇත්තේ ප්‍රධාන පර්වතය හා ඒ මත පිහිටි රජ මාලිගයයි. සුප්‍රකට සිගිරිය සිතුවම් සහ කැටපත් පවුර අයත් වන්නේද මේ කොටසටමය. පර්වතය වටා බෑවුම් සහිතපෙදෙස ප්‍රකාරයකින් පිරිකෙව් කොට ඇති ඇතුල් නගරයයි. පර්වතයටත් ඇතුල් නගරයටත් බටහිර දෙසින් ඇත්තේ රාජකීය විනෝද උද්‍යානයයි.

ප්‍රතිවිරුද්ධ පාර්ශවයේ, එනම් පර්වතයට නැගෙනහිර දෙස පිට නගරය ලෙස සැළකේ. මෙම සියලු නගරාංග මැදිවන පරිදි පිටතින්ම ඇත්තේ පවුරු සහ දිය අගල්ය. සිගිරිය වැව පිහිටියේ නගරයට වයඹ දෙසිනි.

සිගිරිය නගරය පිළිබඳ ප්‍රමාණික දැනුමක් ලබාදීම මෙම ග්‍රන්ථයේ මුඛ්‍ය අරමුණයි.

Reviews

There are no reviews yet.

Be the first to review “Sigiriya-සීගිරිය”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat