10% OFF
Sigiri Kodew – සීගිරි කොදෙව්
රු675.00
බොඳව යන පරම්පරාවක ආලේඛ්‍ය නිරූපණයක් සේ, ගෙවී ගිය යොවුන් වියක මතක සමුච්චයක් සේ, යෞවනත්වයේ ප්‍රතිනිර්මාණයක් සේ, සියල්ලටමත් වඩා අලුත් ආකාරයට හිතන, නව දෘෂ්ටිකෝණ සොයන පරපුරක ඇරැඹුමක් සේ ගලා යන මතීෂගේ කතාවයි. සිහිරි කොදෙව්’. යාන්තම් උසස් පෙළ ලියා අවසාන කළ ගැටවරයකු සීගිරියේ නින්නාද වන පොරාණික සුවඳින් හා එහි යටගියාවේ අරුමැසි බවින් පෝෂණය වෙමින් කියන කතාවත්, තමා සතු නොස්ටැල්ජික මතක හා අත්දැකීම් එකට කලතමින් සීගිරි භූමියන් ගල්කිස්සත් අතර ගෙත්තම් කරන සමාජ සංස්කෘතික වියමනත්, ඔහු තුළ සැඟව ඇති වටිනාකම් ඉස්මත්තට කැඳවීමට දරන උත්සාහයත්, ඔහුගේම ජාගර චිත්තයෙහි වැඩෙන සුවිසල් ගිරි ගිඛරයක ඇරැඹුමත් යන මේ සියල්ල අපට මේ කතාව මුණගැසේ.
Reviews
There are no reviews yet.