Sathuta Sadana Pasalakata – සතුට සදන පාසලකට
රු1,080.00
ප්‍රාථමික පන්ති කාමරය තුළ ප්‍රීතිය, නිර්මාණශීලිත්වය, විචාරාත්මක චිත්තනය හා ආචාරධාර්මිකත්වය ඇති කරන අතරම ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේත් ගුරුවරුන්ගේත් සන්තෘප්තිය ඇති කරන සතුටු සපිරී පාසලක් ඇති කරගන්නේ කෙසේද?
මේ පොතෙහි ඒ ප්‍රශ්නයට පිළිතුරු තිස්තුනක් අඩංගු වේ.
ඒ පිළිතුරු තිස්තුන ප්‍රාථමික පාසල් අධ්‍යාපනය කුමක් සදහාද යන ප්‍රශ්නයට පිළිතුරක් ලෙසද සැලකිය හැකිය.
ආනන්දජනක පාසල් අධ්‍යාපනයක් ඇති කිරීමෙහි ලා මේ පොතෙහි විස්තර කෙරෙන උපක්‍රම අපටම ආවේණික ආකාර වලින් අපේ පාසල්වල දැනටමත් ක්‍රියාත්මක වන්නේ විය හැකිය. ඇතැම් උපක්‍රම අපේ පාසල් වලට අලුත් විය හැකිය. ඒ කෙසේ වෙතත් අභිමානවත් පාසල් ගුරු ජිවිතයක් ගෙවනු කැමැති සියලු දෙනාට මේ පොත අපරිමිත ආනුභාවයක් සපයයි.
තම දරුවන්ගේ පාසල් අධ්‍යාපනය වෙතින් අපේක්ෂා කළ යුත්තේ මොනවාද යන්න වටහා ගැනීමෙහි ලා මේ පොත දෙමාපියන්ටද අත්පොතකි. අධ්‍යාපනය පිළිබඳ අප රට පවත්නා මහජන සංවාදයට මෙමගින් උත්තේජනයක් ලැබේ. එසේම, මෙය ෆින්ලන්තයේ පාසල් අධ්‍යාපනය පිළිබඳ හොඳ අවබෝධයක්ද අපට ලබා දෙයි.









Reviews
There are no reviews yet.