Sambulawo – සම්බුලාවෝ
රු855.00
සම්බුලා දේවියගේ පතිවත ගැන සැක පහළ කළ සොත්තිසේන රජ වැන්නවුන් අදත් අප අතර නොසිටිනවා නොවේ. සදාචාරය හා “ගැහැනුකම” අමතක කළ ලලනාවන් පිරි වත්මන් සමාජයේ සම්බුලාවන් වැනි කතුන්ද නැත්තේම නොවේ. එහෙත් ඔවුන් ගැන සත්‍යවාදීව කතා කරන්නෝ කවුරුහුද?
සම්බුලාවෝ (05 පිටුව)
කෙසේ නමුදු එදා මෙන්ම මෙදාද මට සම්බුලාවක් අහඹු ලෙස නෙත ගැටුණේ මෙම පුස්ථිකාවේ දොර ඇරුමෙනි. එය සම්බුලාවෝ නම් වී.
ගේහසිත ප්රේමාන්දරයක යථාර්තයක් වූ මෙය 2017 වසරේ මධ්‍යම පළාතේ සාහිත්‍යය තරඟාවලියේ ප්‍රථම ස්ථානයට ඔසවා තැබුණු සදා ආදර්ශවත් නවකතාවෙහි කතුවරිය දැනට මාතලේ මහා නගර සභාවේ සැලසුම් ශිල්පිණිය ලෙස සේවය කරන ඥානා නොගොල්ල මහත්මයයි.
කලා කුසලතාවයන් ළමා වියේ සිටම ප්‍රගුණ කරගත් ඇය, ලිවිසැරියට අත් පොත් තැබුයේ හිරුකුමරුයි සඳකුමරියි ළමා කෘතියෙනි. නවකතාකරණයට ප්රවිශ්ඨ වී සම්බුලාවෝ සමාජයට කැන්දන් එයි. මේ නවකතාව ඇය ලිවිසැරී ප්‍රවීණත්වයට පියමන් කරවීමේ පෙර ගමන්කරු වන බව නම් සැබවි.
ඥානා නොගොල්ල මහත්මියනි, පාඨකයාට පාත්‍ර වූ මෙවන් නැවුම් නිර්මාණයන් තව තවත් ඔබෙන් බිහිවන තුරු පාඨක ප්‍රජාව වන අපි නොඉවසිල්ලෙන් බලා සිටින්නෙමු.









Reviews
There are no reviews yet.