Sakai – සකායි
රු1,125.00
දෙවන මුද්‍රණයේ දී ‛සකායි’ ලෙස එක් කෘතියක් වූ මෙය 1992 දී ප්‍රථමයෙන් ප්‍රකාශනයට පත් වූයේ කෘතීන් දෙකක් ලෙසය. පර්ල් එස්. බක් ගේ Hidden Flower සිංහලයට නඟන්නට හේතු වූයේ මතු පිටෙන් දිවෙන ඇමෙරිකානු හමුදා නිලධාරියකු හා ජපන් යුවතියක ගේ ප්‍රේම කතාවට වැඩි යමක් එහි ඇති හෙයිනි. මීට පාදක වනුයේ දෙවන ලෝක යුද්ධය අවසන් වූ සමයේ දේශපාලන හා සමාජීය පසුබිම වුවද එම ප්‍රශ්න අදටත් පූර්ණ වශයෙන් විසඳී නැත.
පර්ල් එස්. බක් විවිධ ජාතීන්ට අයත් දරුවත් ගණනාවක් හදා වඩා ගනිමින් දරුවන්ට මවක වූවාය. චීනයේ හැදී වැඩුනත් ජපානයේ ටික කලක් පදිංචිව සිටි ඇය මෙය ලියන්නට හේතු වූයේ යුද්ධයෙන් පසු බොහෝ මෙවැනි සත්‍ය කතාවල කම්පනය තදින් දැනුණු හෙයිනි. ඇයට නොබෙල් ත්‍යාගය පිරිනැමූ විට ඇගේ සමකාලීන ඇමෙරිකානු ලේඛකයින් ඇය දක්ෂ ලේඛිකාවක ලෙස පිළිගැනීමට තරම් නිහතමානී වූයේ නැත. ඇය චීනයට බෙහෙවින් ආදරය කළත් මිය යන්නට පෙර එක් වතාවක් හෝ චීනයට යාමට අවසර ලැබුණේත් නැත. සංස්කෘතික විප්ලවයෙන් උඩුයටිකුරු වූ චීනය ඇයට නිසි ගෞරවය පිදුවේ දැනට වසර පහකට පමණ පෙරය.
මෙය අසීරු තැන් එළඹෙන විට පදාස පදාස අත්හරිමින් කළ පරිවර්තනයක් නොව මුල් කෘතිය සම්පූර්ණයෙන්ම සිංහල පාඨකයා වෙත ගෙන යන්නට ගත් ප්‍රයත්නයකි.







Reviews
There are no reviews yet.