Rathu piramidaya-රතු පිරමීඩය(RICK RIORDAN)
රු1,360.00
ආචාර්ය ජුලියස් කේන් විශිෂ්ට ඊජිප්තුවේදියෙකි. ඔහු දිනක් තම පුත් කාටර් සමඟ ලන්ඩනයේ වෙසෙන තම දියණිය බැලීමට යයි. එහිදී ආචාර්ය ජුලියස් තම පුත් කාටර් සහ දියණිය සාදි සමඟ ලන්ඩන් කෞතුකාගාරයට යන අතර එහිදී ඔහු රොසෙටා පාෂාණය පුපුරුවා හැර ඊජිප්තු දෙවිවරුන් නිදහස් කරයි. මේ සමඟ නපුරේ දෙවියා වූ සෙට් ද නිදහස ලබන අතර ඔහු ජුලියස් කේන්ව මිනී පෙට්ටියක සිර කරයි. සාදිටත් කාටර්ටත් ආරක්ෂාව පතා පළා යාමට සිදුවේ.
පැරණි ඊජිප්තුවේ දෙවිවරුන් යළි නැගී සිටින බවත් නපුරේ දෙවියා වූ සෙට්, කේන් පවුල පිටුපස හඹා එන බවත් ඔවුන්ට අවබෝධ වෙයි. සෙට්ව පරාජය කර තම පියා නැවත සොයා ගැනීමට වෙහෙසෙන කාටර්ට සහ සාදිට ඔවුන් දෙදෙනා පාරාවෝ රජවරුන්ගෙන් පැවතෙන අසීමිත බලයක් සහිත දරුවන් දෙදෙනෙක් බව සහ තම පවුල ගැන මෙතෙක් නොදත් අභිරහස් කරුණු ගණනාවක් පිළිබඳවත් දැන ගැනීමට ලැබේ.
ඒ අසීමිත බලය සමඟ ඔවුන් ලෝකය විනාශ කර ලෝකයේ පාලනය අතට ගැනීමට සැරසෙන සෙට්ට විරුද්ධව සටනට එළඹෙති. ඔවුන්ට එය ජයගත හැකි වේද…..?








Reviews
There are no reviews yet.