Ranchi Amma – රාන්චි අම්මා
රු1,125.00
දියවන්නාවේ ඒ සුඛෝපභෝගී මන්දිරයේ සිට අවම මිලකට ඉහළම රස මසවුළු අනුභව කරමින් අනෙකාට හොරා යැයි ඇඟිල්ල දිගු කරමින් අපේ පිනට පහළ වූ ඒ මහෝදරයන් නටන නරි නාටක බල බලා අත්පොළසන් හා ඔල්වරසන් දීම හැරුණු කොට, චූලෝදරයන්ට කළ යුතු වෙනත් කාර්ය භාරයක් නැත්තේද? අගාධයේ මුවට දඟර නැටුම් අත වනන්නේ ක්රෑර හා ගොරතර මරණයට බව තව දුරටත් අමතක කරමුද?
රටේ ඉහළම ස්ථරයේ සොරකම පහළම ස්ථරය කඩා බිඳ දමා නිර්මාණය කරන ඛේදවාචකයේ තරම කිරා මැන බලන්නට නම්, රටකට මනා සිහි බුද්ධියක් උවමනාය. ජාතිය කුලය ආගම හා පක්ෂය මත පදනම් වෙමින් බෙදී වෙන් වී ඇන කොටා ගන්නට මාන බලන රටක, ජනතාව දියබත් වන නැවක මගී පිරිසකගෙන් සපුරා වෙනස් නොවේ. දිදුලන පැහැයන් තවරා සිත්තම් කළ සිතුවම සූරා දමා කළු හා අළු පැහැය මතු කරන්නට ද ඒ දුර්වර්ණ බව අකා මකා දමා, නව පැහැයෙන් නව ජවයෙන් අලුත්ම සිත්තමක් නිර්මාණය කරන්නටද පුරවැසියා සමර්ථ විය යුතුය. බුහුටි විය යුතුය. මේ සියලු සිදුවීම් අවධාරණය කරන්නේ එයම විනා අන් කුමක්ද?
අන්ධකාරයේ වල්මත් වන්නටද අගාධයේ ඇද වැටෙන්නටද නොතිත් ආශාවක් දක්වන ශාන්ති දිසානායක රටක ඒ එකම ප්රශ්නය පුන පුනා හා හඬ නඟා ඇසිය යුතුව තිබේ.







Reviews
There are no reviews yet.