Keheli.lk

10% OFF

Pus Gedara Lamai – පූස් ගෙදර ළමයි

රු720.00

අපි කවුරුත් පාහේ සුරතල් සතුන්ට කැමැතියි. සුරතල් සතෙක් නිවසෙහි ඇති දැඩි වන විට ඒ සතා නිතැතින්ම පවුලේ සාමාජිකයෙකු බවට පත් වෙනවා.

සමහර සතුන්ගෙන් ලැබෙන ආදරය මිනිසුන් ඉක්මවා යන අවස්ථා පවා තිබෙනවා. එහෙත් අපේම අවාසනාවට අප ඇති දැඩි කරන බොහෝ සුරතල් සතුන්ට, මිනිසාට තරම් දීර්ඝායුෂ නැහැ.

ඒ නිසාම අපේ ජිවිත කාලය තුළ බොහෝ සුරතලුන්ට සමු දෙන්නට අපට සිදු වෙනවා. ඒත් ඒ සිරුරෙන් පමණයි. ඔවුන් පිළිබඳ ආදරණීය මතක අපේ මරණය තෙක්ම අපේ හදවතේ ඉගැඹුරුම ඉසව්වෙහි නිදන්ගතව තිබෙනවා. ඔවුන්ගේ කතා කරන දීප්තිමත් ඇස්… ශරීර චලනයන්ගේ භාෂාව… ඔවුන්ටම ආවේණික හඬ නැගීම්… වචන බවට පත් කරන්නට තිබුණා නම්, ලොව සොඳුරුතම ආදරයේ භාෂාව බවට පත් වේවි.

අපේ මේ සුරතලුන්ගේ හැඟීම් ගැන අපි දන්නෙ මොනවද? ඒ අයට අපිත් එක්ක තියන බැඳීම මොන වගේද? සමහර වෙලාවට අපේ ළඟම යාළුවන්

නෑදෑයන් සහෝදර සහෝදරියන්ටත් වඩා අපි ජීවිතේ බෙදා ගන්නේ මේ සුරතලුන් එක්ක නේද? මේ කතාව පුරා ඒ සතුන්ගේ ලෝකෙ එයාලගෙම ‘පුස් ඇසකින්’, ‘බලු ඇසකින්’, ‘කුරුලු ඇසකින් ‘ බලන්න උත්සාහ කරන්නෙ හරිම සුරතල් විදිහට.

Reviews

There are no reviews yet.

Be the first to review “Pus Gedara Lamai – පූස් ගෙදර ළමයි”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat