Punchi kumaraya – පුංචි කුමාරයා
රු382.50
ප්‍රඥාව කැටිකළ මේ වශීකරණසුලු කතාව තරම්, දරුවන් සහ වැඩිහිටියන් දෙපිරිස ම එක සේ ආදරය කරන ලද වෙනත් කතාවක් නැති තරම් ය. ගුවන් නියමුවෙකු වූ කතුවරයා, යානයේ ඇතිවන දෝෂයක් නිසා ඔහුට සහරා කතරට ගොඩබසින්නට සිදු වූ සැටි සිහිපත් කරයි. උදව්වක් ගන්නට කිසිවෙකු සැතපුම් දහසකින් මෙපිට සිටියේ නැත. මේ මොහොතේ දී ය, ඔහුට ඉතාමත් අසමාන්‍ය වූ කුඩා අයෙකු මුණගැසෙනුයේ. ‛අනේ තව මට බැටළුවෙක් ඇඳලා දෙන්න.’ ඔහුගේ මේ ඉල්ලීමත් සමඟ පුංචි කුමාරයාගේ කැපීපෙනෙනසුලු ඉතිහාස කතාව ඇරඹෙයි. පුංචි කුමාරයා ජීවත් වූයේ ගෙයකට නොවැඩි විශාලත්වයකින් යුතු කුඩා ග්‍රහලොවක ය. ඔහුට ගිනිකඳු තුනක් හිමි විය. දෙකක් ක්‍රියාශීලී ය, එකක් නිවී ගොසිනි. ඔහුට මලක් ද හිමිව තිබිණි. එය විශ්වයේ අනෙක් කිසිදු මලකට සමාන නැත. එය ඉතා පියකරු ය. එසේ ම බොහෝ උඩඟු ය. මේ උඩඟුව ය පුංචි කුමාරයාගේ
සන්සුන් බව වනසා දමා ඔහු අන්තර්ග්‍රහලෝක චාරිකාවකට යොමුකරවන්නේ. මේ චාරිකාවේ දී ය ඔහු මහපොළොව වෙත පැමිණෙන්නේ. අන්තිමේ එහි දී ඔහු ජීවිතයේ සැබෑ වැදගත්කමෙහි රහස නරියෙකුගෙන් ඉගෙන ගනී. කිසියම් ආකාරයකින් තම පාඨකයාගේ ලෝකය වෙනස් කරන ලද කතා ඇත්තේ ඉතා කීපයකි. මෙය ඉන් එකකි.








Reviews
There are no reviews yet.