Pisachayo – පිසාචයෝ
රු1,485.00
ද්‍රවිඩ ගැටවරයකු වීමත්, සමලිංගික ආශාවන්ට නැඹුරුවීමත් අසූ ගනන් වසරවල ගතාණුගතික ලංකා සමාජයේ අවදානම් ගතිගුණ වෙයි. මෙම ද්විත්ව අවදානමට අමතරව ශිවන්හට තිබූ අනිකුත් ගැටලුව වූයේ තමාගේ ජීවිතය ගිරයකට අසුකල පුවකයක් මෙන් ග්‍රහණය කරගත් මිත්තණියය. තමාට කුමාරයකුට මෙන් සැලකූවත් තම මවටත්, සොහොයුරියටත් සිඟන්නන් ලෙස සැලකූ ධනවත් මිත්තණියගෙන් ගැලවීම ඔහුගේ අනිකුත් සියලු අවශ්‍යතාවයන් අභිබවා සිටියි. අසූ තුනේ භීෂණයෙන් විපතට පත්වූ ද්‍රවිඩ ජනතාවට කැනඩාවට ආගමණය කිරීමට ලැබීම මේ සියල්ලන්ගෙන්ම ගැලවීමට හොඳම මඟ ලෙස ශිවන් දකියි. එනමුත් එහි ගිය පසු නව ආගමණිකයකු ලෙස මුහුණපාන්නට සිදුවන අතවරත්, මවගේ අමුතු හැසිරීමත් දකින ඔහුට එය සිහිනයක් බව වැටහෙයි. පස් වසකට පසු කෙටි නිවාඩුවකට ආපසු ලංකාවට එන ශිවන් රටේ බොහෝ දේවල් හොඳ අතට හැරී ඇති බවත් දකියි. පෙම්වතෙකු සමඟ දැඩි සබඳකමක් ඇතිවීමත්, සැපවත් දිවියකට ඇවැසි ආදායමක් ලැබීමත්, ඒ දෙකම නිසිසේ රසවිඳීමට නිදහසකුත් දකින ශිවන් ලංකාවේ නවතියි.තමා කළින් නොදුටු සතුරු බලපෑම් එම දිවිය ඉක්මණින් සුණු විසුණු කළවිට මානසික පීඩනයෙන් ආපසු කැනඩාවට යන ශිවන් මිත්තණියගේ ලෝකයෙනුත්, මවගේ ලෝකයෙනුත් ඈත්වී දුරස්තර නගරයක අළුත් දිවියක් අරඹයි. මෙය ඔහුට පාරාදීසයක් වෙයිද?










Reviews
There are no reviews yet.