Keheli.lk

20% OFF

Pilikawata Piliyamak පිළිකාවට පිළියමක්

රු704.00

‘ පිළිකාවට පිළියමක් – ජීවිතයට නව මගක් ‘ යන මැයෙන්, ගුණදාස යාපා මහතා විසින් පරිවර්තනය කරන ලද මෙම ග්‍රන්ථය. ඉතා වැදගත් පණිවුඩයක් අපට කියා දෙයි.
කලක් පිළිකා රෝගියකුව සිට, දැනට සුවය ලබා සිටින විශේෂඥ වෛද්‍ය ඩේවිඩ් සර්වන් ශ්‍රීබර් මහතා විසින්, තම ජීවන අත්දැකීම් පාදක කොට, මෙහි මුල් කෘතිය රචනා කර ඇත.
විද්‍යාත්මක සොයා ගැනීම් වලින් මතු වන නව දැනුමින් එම කෘතිය සන්නද්ධ කර ඇති අතර, විවිධ (පැරණි) වෛද්‍ය ක්‍රමවල දැනුම ද උකහා ගෙන එයට අනුබද්ධ කර ඇත.
අපි සියලු දෙනා, පිළිකා වැළදීමේ අවදානමින් පෙළෙන්නෝ වෙමු. එම නිසා මෙහි අන්තර්ගත දැනුම, පිළිකා වැළඳුණු රෝගීන්ට පමණක් නොව, පාසල් දරුවන් ඇතුළු සියල්ලන්ට ම ඉතා වැදගත් වනු ඇත.
අවශ්‍යයෙන් ම සඳහන් කළ යුතු කරුණ නම්, මෙම දැනුම අපගේ ජීවිත වලට කෙළින් ම අනුගත කර ගත හැකි වීම සහ එමගින් පැහැදිලි ප්‍රතිඵල ලබා ගත හැකි වීමයි.
මෙම කෘතිය, පිළිකා රෝගය පිළිබඳව මම කියවා ඇති විශිෂ්ට ග්‍රන්ථයක් බව ද සඳහන් කරනු කැමැත්තෙමි.

මහානාද උඩුකල

පිළිකා පිළිබඳ ශල්‍ය වෛද්‍ය විශේෂඥ

 

Reviews

There are no reviews yet.

Be the first to review “Pilikawata Piliyamak පිළිකාවට පිළියමක්”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat