Pickpocket – පික්පොකට්
රු1,105.00
“රැළී සිටියාට ස්තූතියි මහත්මයා., මේ අකවුන්ට් එකෙන් විසි වෙනිදා, ඒ කියන්නෙ පෙරේදා…. ලක්ෂ හැට පහක මුදලක් විත්ඩ්රෝ කරල තියෙනවා අපේ මහරගම ශාඛාවෙන්.”
“ව…ට්…? වෙන්න බෑ. එහෙම විත්ඩ්රෝ කරන්නෙ කොහොමද? අනික ලක්ෂ පණස් දෙකක් වගේ තමා තිබුණෙත්.. සල්ලි ගන්න මං බෑන්ක් එකට ගියේත් නෑනෙ ළඟකදි..“
“ම්.. ඒ විත්ඩ්රෝ එකට කලින් ලක්ෂ දහ තුනක මුදලක් ඔන්ලයින් ට්රන්ස්ෆ කරල ඩිපොසිට් කරලා තියනවා මේ අකවුන්ට් එකට. ඊට පස්සෙ තමා බෑන්ක් එකෙන් විත්ඩ්රෝ කරල තියෙන්නේ..”
රෂිත විශ්මයෙන් කිසිත් කියාගත නොහැකිව ගොළු වී සිටියේය.
“මොකක්..?
***
“එයා කියන්නෙ මට දුවන්න කියලද?”
ඔහුට සිතන්නට ඉඩ නොලැබිණි.
වේගයෙන් ඉදිරියට ජිනූ මින්දාරා නිළදාරීන් දෙදෙනා මුහුණට මුහුණ ගැටෙන සේ ඇයට පිටුපා සිටින්නා හැකි වෙර යොදා තල්ලු කරේ මහ හඬින් කොළුවාට කෑ ගසමිනි.
“දු..ව…න්..න….”
ඒ හඬින් කොළුවාට තටු ලැබුනාක් මෙන් විය. මිනිසාගේ ග්රහණය බුරුල් වෙද්දී අත ගස්සා ඇදගත් ඔහු සැණින් එතැනින් අතුරුදන් වූයේ මින්දාරාට නැවතත් ස්මිත් සිහි කරවමිනි.
***
මහත්තයා ඔහු දෙසම බලා සිටියේය.
“කොල්ලා පික් පොකට් කාරයෙක්ද?”
“මූ මගෙ වැඩ කරන්නෙ නැති නිසා උගෙ කල්ලි ඌටම හොයාගන්න කියල මං කියල තියෙන්නෙ, ඕක තමා ඌ දන්න සාස්තරේ”










Reviews
There are no reviews yet.