Keheli.lk

10% OFF

Paththini adahilla pilibada samaja-manawa vidyathmaka prathiparikshawak-පත්තිනි ඇදහිල්ල පිළිබඳ සමාජ-මානව විද්‍යාත්මක ප්‍රතිපරීක්ෂාවක්

රු900.00

මහාචාර්ය ප්‍රේමකුමාර ද සිල්වා විසින් රචිත ගණනාත් ඔබේසේකරගේ පත්තිනි ඇදහිල්ල පිළිබඳ සමාජ – මානව විද්‍යාත්මක ප්‍රතිපරීක්ෂාවක් යන කෘතිය මෑතක දී අභාවප්‍රාප්ත වූ මහාචාර්ය ගණනාත් ඔබේසේකර විසින් ශ්‍රී ලාංකේය සමාජය හැදෑරීමට කළ මහගු මෙහෙවර සිංහල පාඨකයන්ට හදුන්වාදිම පිණිස රචනා කළ කාලෝචිත ශාස්ත්‍රීය කෘතියකි. මෙහිදී මූලික අවධානයට ලක්ව ඇත්තේ ඔබේසේකරයන් The Cult of Goddess Pattini යන මැයෙන් 1984 දී පළ කළ පත්තිනි ඇදහිල්ල පිළිබඳ සිදුකළ මානව විද්‍යාත්මක විමර්ශනය යි. කතුවරයා විසින් පසුකාලීනව පත්තිනි ඇදහිල්ල හා අනෙකුත් යාතු කර්ම ගැන සිදුකළ පර්යේෂණ යොදා ගනිමින් ඔබේසේකරයන්ගේ පර්යේෂණ සොයා ගැනීම පිළිබඳ කිසියම් පසු විපරමක් මෙහිදී සිදු කොට ඇත.- සම්මානිත මහාචාර්ය කාලිංග ටියුඩර් ද සිල්වා

ප්‍රේම කුමාර ද සිල්වා කොළඹ විශ්ව විද්‍යාලයේ සමාජ විද්‍යා අධ්‍යයනාංශයේ මුලාසන මහාචාර්යවරයා වේ. සමාජ මානව විද්‍යාව, සමාජ විද්‍යාව, ආගම පිළිබඳ සමාජ විද්‍යාව, අභිචාර සහ වත්පිළිවෙත්, වන්දනාව, ආන්තික ජනවර්ග මෙන්ම ජාතිකවාදය, ප්‍රචණ්ඩත්වය, සංහිඳියාව හා තරුණ සංස්කෘතීන් යන ක්ෂේත්‍රයන්හී ප්‍රමුඛ පර්යේෂකයකු වේ. මහා බ්‍රිතාන්‍යයේ එඩින්බරා සරසවියෙන් (University of Edinburgh) සමාජ මානව විද්‍යාව පිළිබඳ සිය ආචාර්ය උපාධිය ලබාගත් ඔහු ඔබේසේකර විසින් ලාංකේය සමාජය, සංස්කෘතිය, දේශපාලනය සහ ඉතිහාසය පිළිබද ඔහුගේ පර්යේෂණ ඔස්සේ නිරාවරණය කරන ලද සමාජ මානව විද්‍යාත්මක දැනුම් සම්භාරය පිළිබද යම් අවබෝධයක් තරුණ පරම්පරාවට ලබාදීම මෙන්ම ඒවා පිළිබද පර්යේෂණ පැවැත්වීමේ උනන්දුවක් හා සංවාදයක් ඇති කිරීම සඳහාත් පරිශ්‍රමයක නිරතව සිටියි.

Reviews

There are no reviews yet.

Be the first to review “Paththini adahilla pilibada samaja-manawa vidyathmaka prathiparikshawak-පත්තිනි ඇදහිල්ල පිළිබඳ සමාජ-මානව විද්‍යාත්මක ප්‍රතිපරීක්ෂාවක්”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat