Keheli.lk

10% OFF

Pathmege Bu Sancha පත්මෙගේ භූ සංචාරිතය

රු1,170.00

ආචාර්ය පත්ම කුමාර ජයසිංහ භූ විද්‍යා (විශේෂ) උපධිධාරියෙකි. පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙන් තම ප්‍රථම උපාධිය 2001 දී ලබා ගත් ඔහු පරිසර විද්‍යාව පිලිබඳ විද්‍යාවේදී උපාධිය (2004) සහ භූ විද්‍යාව පිලිබඳ ආචාර්ය උපාධිය ද (2014) හිමිකරගන්නේ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ විද්‍යා පශ්චාත් උපාධි ආයතනයෙනි. වසරකට ආසන්න කාලයක් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ භූ විද්‍යා අංශයේ තාවකාලික ප්‍රදර්ශකයෙකු ලෙස සේවය කරන ඔහු 2003 වසරේදී මැණික් සහ ස්වර්ණාභරණ පර්යේෂණ සහ පුහුණු ආයතනයේ භූ විද්‍යාඥයෙකු ලෙස පත්වන අතර 2005 වනතුරු ඔහු එහි සේවය කරයි. ඉන්පසු 2005 දී මධ්‍යම සංස්කෘතික අරමුදලෙහි පර්යේෂණ විද්‍යාගාරයේ භූ විද්‍යාඥයෙකු ලෙස සේවයට එක් වෙයි. එහි වසර නමයක් සේවය කරන ඔහු COSTI ආයතනයේ සේවයට එක් වන්නේ 2014 වසරේදීය. නැවත ඉන් මිදී 2015 දී ජාතික ගොඩනැගිලි පර්යේෂණෙ සංවිධානයට එක් වන ඔහු ජ්‍යේෂ්ඨ භූ විද්‍යඥයෙකු ලෙස වසර පහක් සේවය කරයි. 2020 දී ඔහු කොළඹ විශ්ව විද්‍යාලයේ භූ ගෝල විද්‍යා අංශයට එක්වන්නේ ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය වරයෙකු ලෙසයි. දශක දෙකකට අධික කාලයක් භූ විද්‍යාඥයෙකු ලෙස මෙරට සේවය කරමින් ශ්‍රී ලංකවේ බොහෝ තැන් නිරීක්ෂණය කර ඇති ඔහු තම විද්‍යා ලිපි රචනය පටන් ගන්නේ විදුසර විද්‍යා පුවත්පතට ලිපි සම්පාධනය කරමිනි.

Reviews

There are no reviews yet.

Be the first to review “Pathmege Bu Sancha පත්මෙගේ භූ සංචාරිතය”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat