10% OFF
Pasku Komishan Warthawa Ha Aparadakaruwan Wasan Kirima – පාස්කු කොමිෂන් වාර්තාව හා අපරාධකරුවන් වසන් කිරීම
රු1,620.00
මාරාන්තික වූ පාස්කු ඉරුදින ප්‍රහාරයේ අබිරහස කාලයේ වැලිතලා මතින් වැසී යාමට ඉඩ දිය යුතුද? පාස්කු කොමිෂන් හා) වාර්තාවලින් වැඩි කොටසක් දියවන්නා පාර්ලිමේන්තු දූපතට යා හැකි උදවියට සීමා වී ඇත. මේ වාර්තාව පවා කියවීමට අවසර තිබුණේ මහජන ඡන්දයෙන් දූපතට යා හැකි මංත්‍රීවරුන්ට පමණි. අපි ඒ වාර්තාව ජනගත කිරීමේ අභියෝගය බාරගත්තෙමු. ඒ පාස්කු ඉරුදින ප්‍රහාරය පිටුපස සැඟවී සිටින අපරාධකරුවන් සොයා යන ගමනේ එක් පියවරක් හැටියට ය. ඒ වෙනුවෙන් අපි තව බොහෝ ගවේෂණ කරමින් සිටිමු. ඒවා නුදුරු අනාගතයේදී ඔබ අතට පත් කරන්නෙමු. එතෙක් ඔබ යාවත්කාලීන වන්නට මේ වාර්තාව හා එයට ලියා ඇති හැඳින්වීම ලැදිව හදාරන මෙන් යුක්තිය පතන සියලුම දෙනා ගෙන් ඉල්ලා සිටිමු. සත්‍යය වසන් කළ හැක්කේ කෙටි කලකටය. එය සදාකාලිකවම වසන් කළ නොහැකි බව අපරාධකරුවන් මෙන්ම බලධාරීන් ද අවබෝධ කර ගත යුතුය.
Reviews
There are no reviews yet.