Panhida – පන්හිඳ
රු630.00
මයෙ දෑහට පෙනි පෙනී කෙල්ල උස්සාන වස්තරේ ගැලෙව්වෙ. එකෙක් නෙමෙයි පිපාසාවෙන් හිටපු හැම එකාම කාල කාල හප කරල අන්තිම එකාට සැප මදිවෙලා කෙල්ල කපල දාල ගියෙ.’ තවත් මදි ලෙසින් පරංගි සිරුරට කොටමින් නොනැවතී කියවූ උංගිරාළ අවසානයේ තම දියණිය සිහි කරමින් හඬන පළමු වතාව සේ මොරගෙඩි වන් කඳුළු කැට බේරෙමින් වැලපෙන්නට වූයේය. ගම්බිම් මංකොල්ලකමින්, වස්තුව එකතු කරමින් හිඳ මේ දුරු රටක, මේ අද දිනයේ, මේ මෙතන මේ කිතුල් ගහ යට දෙපළු වී යන්නට නියමිත ඉරණම සොයා ගවු සියදහස් ගණනක් දුර සිට මූදු හතක් තරණය කර ආ අවාසනාවන්ත පරංගියාගේ ඉරණම පිළිබඳව සිතමින් නැග එන ඔක්කාරය මැද දෙපසට කඩා වැටුණු ගස් අතු දෙකක් සේ කඳෙන් එල්ලෙන සිරුරේ පලු දෙක දෙස නැවතත් බැලූ හින්නි හාත්පස වට වී සිටින පිරිස අතරින් රිංගා ඈතට පියමැන්නේය. බොහෝ දුරක් යන තුරු අංගච්ඡේදනය කරන පරංගින්ගේ විලාප හඬවල් ඔහු පසුපසින් හඹා ආවේය.
Availability: In stock










Reviews
There are no reviews yet.