Keheli.lk

10% OFF

Nissarana – නිස්සරණ

රු1,692.00

20 වන ශත වර්ෂයේ මුල්භාගයේදී බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදී යුගයේ සිවිල් සේවයේ නිලධාරියෙකු ලෙස ලංකාවට පැමිණෙන සුදු ජාතික තරුණයකු හා උඩරට වංශවත් ප්‍රභූ පවුලක රූමත් තරුණියක අතර පැවති අනුවේදනීය පිවිතුරු ප්‍රේමවෘතාන්තයක් තේමාව කරගනිමින් රචිත නවකතාවකි. එකිනෙකා කෙරෙහි වූ අචල බැඳීම එලෙසින්ම පවතිද්දී අහේතුක වෙන්වීමකට හේතු පැහැදිලිකර ගන්නේ දශක කීපයක දිගු විරාමයකට පසු එළැඹි, ජීවිතයේ මැද භාගයද පසුකළ අවදියකදී ඔවුන් දෙදෙනාගේ යළි හමුවීමකදීය.
කථාවේ මුල්කොටස, තනිව ලියවෙන දෙදෙනාගේ ජීවිත වෘතාන්ත දෙකක ස්වරූපයෙන් දිවෙන අතර එමගින් එංගලන්තයේ වික්ටෝරියානු යුගයේ අවසාන දශක කිහිපයක හා ඊට සමකාලීන ලංකීය යටත්විජිත යුගයේ සමාජ චාරිත්‍ර වාරිත්‍ර, ජනශ්‍රැති, ආගමික පසුබිම, ප්‍රාදේශීය උප භාෂා ව්‍යවහාර ඇතුළුව සමාජ හා සංස්කෘතික, ආර්ථික, දේශපාලන, වටාපිටාව හා බැඳුණ කුදු මහත් තොරතුරු රාශියක් ඉතා සියුම් ලෙස කතාව හා බද්ධ කොට ඇති අතර ඒවා එම යුගය හා සාකල්‍යයෙන්ම ගැළපී තිබීම සුවිශේසී වූවකි. දෙදෙනා යළි හමුවීමෙන් පසු ගෙවීයන වර්තමානයත් අතීතයත් එකට ගැට ගසමින් කථානායිකාව විසින් කරනු ලබන සියුම් විග්‍රහයක් ඊට සමගාමීව ගලා යන අතර නවකතාවේ දාර්ශනික අගය හා ජීවිතය පිළිබඳ කතුවරියගේ සියුම් දෘෂ්ටියද නිර්මාණාත්මක රචනයද වඩාත් කුළු ගැන්වෙන්නේද මෙම විග්‍රහය තුළිනි.
අවසානය ඛේදනීය වුවද එය මනා උපේක්‍ෂා සහගත බවකින් ළයාන්විත අයුරින් එමෙන්ම දාර්ශනික තලයකට ගොඩ නගා විස්තර කර තිබේ. ඉන් පාඨකයා ශෝක රසයෙන් මෑත්කොට කරුණා රසයක් කරා කැඳවාගෙන යන්නේ එක්වීම් වෙන්වීම් මෙන්ම සතුට හා ශෝකය යන ලෝක ධර්මතාවයන් ඉදිරියේ උපේක්‍ෂා සහගතවිය යුතුය යන මතය ඔස්සේ ජීවිත අවබෝධය ඉස්මතු කරමිනි.
18 වෙනි හා 19 වන සියවසේ ලියවුණු බටහිර ඉංග්‍රීසි නව කථා හෝ නූතන සිංහල නවකතා ආකෘතියට සීමා නොවූ විශිෂ්ට ස්වතන්ත්‍ර කෘතියක් ලෙස නම් කළ හැකි මෙම නවකථාව නවක ලේඛිකාවක අතින් බිහිවූවද ප්‍රබන්ධ සාහිත්‍යයේ නව ආරක පෙර මග සනිටුහන් කරන්නකැයි මට හැගේ.

Reviews

There are no reviews yet.

Be the first to review “Nissarana – නිස්සරණ”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat