Nanuoya udapussallawa patu dumriya margaya – නානුඔය උඩපුස්සැල්ලාව පටු දුම්රිය මාර්ගය
රු351.00
ශ්‍රී ලංකාවේ ඉතිහාසය අපි විවිධ ග්රන්ථ ඇසුරින් කියවමින් සිටිමු. එහිදී පැරණි හෝ නූතන සමාජ පසුතල පිළිබඳව විමර්ශනය වී ඇති ප්‍රමාණය එම ග්‍රන්ථවල වාස්තුවිද්‍යාව, කලාව, කර්මාන්ත ආදියට වෙන් වී ඇති අඩු ඉඩ හසරින් ම පැහැදිලි ය. බ්‍රිතාන්‍යයන්ට යටත්ව පැවති කාල වකවානුව තරම් වර්තමාන ශ්‍රී ලාංකික සමාජ ව්‍යුහයේ ගති සිරිත්, ඇවතුම් පැවතුම් කෙරෙහි බලපෑ වෙනත් වකවානුවක් නැත, තත්කාලීන ලෝක දේශපාලනික හා ආර්ථික පසුතලය දුම්රිය මාර්ග පද්ධතිය ඔස්සේ ශ්‍රී ලාංකික සමාජ අභ්‍යන්තරයට කාන්දු වූ ආකාරය තේරුම් ගැනීමට දරන ලද උත්සාහයක ප්රතිඵලයකි මෙය. කාර්මිකකරණයට සමගාමීව සාම්ප්‍රධායික ශ්‍රී ලාංකික සමාජය සිදුරු කරමින් විහිද ගිය දුම්රිය මාර්ග ජාලයේ එක් අදියරකි, නානුඔය සිට රාගල දක්වා දියුණු උඩපුස්සැල්ලාව දුම්රිය මාර්ගය. දැනට අත්හැර දමා ඇති මෙම මාර්ගයට සම්බන්ධ පැරණි ශේෂ හා ඒවායෙහි අතීත පසුබිම විමර්ශනයත්, තවදුරටත් ආරක්ෂා කර ගැනීම කෙරෙහි යම් පණිවිඩයක් දීමත් මෙම කුඩා ග්‍රන්ථය ඉදිරිපත් කිරීමෙහි අභිප්‍රාය වේ.









Reviews
There are no reviews yet.