Keheli.lk

10% OFF

Nawa Sama Samaja Pakshaye Mula Mada Aga Saha Mama – නව සම සමාජ පක්ෂයේ මැද අග සහ මම

රු1,800.00

විප්ලවවාදියකු සතු ජීව ගුණය වන්නේ ස්වකීය ජීවිතයේ කවර දශකයකදී වුව යාවත්කාලීන තාරුණ්‍යයක ආත්මීයත්වය ප්‍රකාශමාන වීමයි. තාරුණ්‍යයේ පැතිමාන සියල්ලම නොනැසී පවත්වා ගන්නට තරම් වන කායික මෙන්ම මානසික ශ්‍රමයක අඛණ්ඩ පැවැත්ම ජීවිතය විසින් අපේක්ෂා කෙරෙයි. ඥානසිරි කොත්තිගොඩ සහෝදරයා යනු එවන් විප්ලවවාදී පැවැත්මක් බව සලකුණු කරනට කිසිදු සංශයවාදී හැඟීමක් පහළ වන්නේ නැත.

වෘත්තීය සමිති නියාමකයකු ලෙස ද, පත්තරකාර ගමන් සගයකු ලෙස ද අපට අභිමුඛ වූ හැම තැනකම ස්වකීය ස්ථාවරය අතිශය සංයුක්තව, මෙන්ම තියුණුකර ලෙස තියුණු කටහඬින් පැවසීමට ඔහුට හැකි වුයේ මෙකී තිරසාර බව නිසාය. ඉදින්, ඔහු සහ අප අතර වන දශක තුනක් ඉක්ම වූ සහෝදරත්වය සහ මිත්‍රත්වය මෙතරම් ගැඹුරුතර ලෙස රඳා පැවැත්මේ කේන්ද්‍රීය පදනම වන්නේ කොත්තිගොඩ සහෝදරයා සතු අනම්‍ය, අව්‍යාජ, අචපල දේශපාලනික ස්ථාවරය යැයි මට සිතේ.

Reviews

There are no reviews yet.

Be the first to review “Nawa Sama Samaja Pakshaye Mula Mada Aga Saha Mama – නව සම සමාජ පක්ෂයේ මැද අග සහ මම”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat