Keheli.lk

10% OFF

Mila 18-මිලා 18

රු2,475.00

මේ පොතට තරමක් අමුතු බව යොදා ඇති නම ඇත්තකි. මෙම පරිවර්තනය සඳහා අප භාවිතයට ගත් මුල් ඉංග්‍රීසි පොතෙහි නම වූයේ ද Mila 18 යන්න ය. එහෙයින් සිංහල කෘතිය මිලා 18 වීම අරුමයක් නො වෙතත්,…කුමක්ද මේ මිලා 18?
එය පෝලන්තයේ වෝර්සෝ නගරයේ පිහිටි වීදියකි. මිලා යනු ප්‍රසන්න වීදිය යන අරුත දෙන වදනකි. එහෙත් එම වීදියට යට කැරැලි කරුවන්ගේ ප්‍රධානතම භූ ගත බංකරය පිහිටියේ ය. එයට ළගා වීමටත්, එය අල්ලා ගැනීමටත් ජර්මානුවන් යෙදූ උපක්‍රම සහ යුද බලය ගැන සිතා බලන විට නම් මිලා 18 යනු ප්‍රසන්න නොව අතිශයින්ම අප්‍රසන්න වීදියක් නොවන්නේ දැයි මට සිතෙයි.නාසි ග්‍රහනයට හසුව ගෑස් කාමරයක දී මිය යනු වෙනුවට දිනන්නට බැරි බව හොඳින්ම වටහාගත්තද, සටන් වැද මරණයට පත් වීමේ මාර්ගය තෝරාගත් අභීත මිනිසුන් සහ ගැහැනුන් සමුදායකගේ සත්‍ය කතාවක් නවකතාවක ස්වරූපයෙන් මිලා 18 තුල එයි.
මගේ පොත් අතර පරිවර්තන නවකතා ඇත්තේ ස්වල්පයකි. මගේ සිත ඉතා තදින් ඇද බැඳ නොගන්නා කිසිම පොතක් මම සිංහල බසට නගා නැත්තෙමි. මේ කදිම පොත ගැන ද කිව යුත්තේ එයම ය. මෙහි මුල් ඉංග්‍රිසි පොත මා කියවූයේ 1985 තරම් ඈත අතීතයේ දිනක ය. එදා සිට පෙරුම් පිරුව ද, එහි සිංහල පොත ඔබ අතට පත් වන්නේ ඉන් වසර තිස් හතකට පසුව යි.

Reviews

There are no reviews yet.

Be the first to review “Mila 18-මිලා 18”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat