Keheli.lk

10% OFF

Mathakaya amathaka vima sha dimensiyawa-මතකය අමතක වීම සහ ඩිමෙන්ෂියාව

රු675.00

ලංකාවේ වයෝවෘද්ධ ජනගහනය වැඩි වෙමින් පවතින අතර, වර්තමාන අතිධාවනකාරි ආර්ථික රටාව සමඟ ජනතාවගේ ජීවන තත්වය වෙනස් වී ඇත. විශේෂයෙන්ම සාම්ප්‍රදායික ජන සමාජයේ දක්නට ලැබුණු සාමූහික පවුල වෙනුවට, කුඩා පවුල් වැඩි වෙමින් පවතී. ඩිමෙන්ෂියාව අනාගතයේ දී රටේ සෞඛ්‍ය පද්ධතියට මෙන්ම ජන සමාජයට ද මුහුණ දෙන්න සිදුවෙන ප්‍රබල අභියෝගයක් විය හැක.

කලක් තිස්සේ මහා බ්‍රිතාන්‍යයේ සේවය කළ මනෝ වෛද්‍ය විශේෂඥ ඩග්ලස් මුල්ගිරිගම මහතා මෙම තත්වය හඳුනා ගෙන මෙම කෘතිය ලිවීම ප්‍රශංසා සහගත ය. රෝගය ඇති වීමට බලපාන සාධක, රෝග ලක්ෂණ, අවදානම් පිරිස්, අවදානම් සහගත තත්වයන්, ප්‍රතිකර්ම හා සමාජීය කළමනා කරණය ආදී වැදගත් කරුණු රැසක් මෙම ග්‍රන්ථයෙන් සාකච්ඡාවට ලක් කර ඇත. සාමාන්‍ය ජනයාගේ අවබෝධය වැඩි වර්ධනය කිරීම සඳහා සිංහල බසින් ලියැවුණු පොත්පත් හා ලේඛන ඇත්තේ අල්පයකි. එබැවින් සරල බස් වහරක් උපයෝගී කර ගනිමින් රචනා කර ඇති මෙම කෘතිය ඩිමෙන්ෂියා රෝග තත්වය පිළිබඳ සාක්ෂරතාව ඉහළ නැංවීමට හේතු වනු ඇතැයි සිතමි.

මනෝ වෛද්‍ය විශේෂඥ සජිවන අමරසිංහ මනෝ වෛද්‍ය උපදේශක, ජාතික මානසික සෞඛ්‍ය රෝහල, සභාපති, ශ්‍රී ලංකා මනෝ චිකිත්සක විද්‍යාලය

Reviews

There are no reviews yet.

Be the first to review “Mathakaya amathaka vima sha dimensiyawa-මතකය අමතක වීම සහ ඩිමෙන්ෂියාව”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat