Master saha magarita-මාස්ටර් සහ මාගරීටා
රු1,125.00
1891 වසරේදී රුසියාවේ ‘කීව්’ නගරයේදී උපන්නේය. වෛද්‍ය වෘත්තිකයකු වශයෙන් මුලින්ම සේවයට බැඳෙන ඔහු පසුකාලීනව මොස්කව් නුවරට පැමිණ නාට්‍ය රචනයේත්, නවකතාකරණයේත් දිගින් දිගටම නියැලුණේ ය. අවිනිශ්චිතභාවය, දරිද්‍රතාවය, කුසගින්න හා අයහපත් සෞඛ්‍ය තත්ත්වය තමන් අතැ`ර නොයන ගමන් සගයන් බවට පත්වෙද්දීත් සාහිත්‍යකරණය කෙරෙහි වන අප්‍රමාණ ඇල්මෙන් යුතුව බුල්ගාල්කොව් එහිම නිරත වන්නේ, රාජ්‍ය ආඥාදායකත්වයේ යකුළු පහර නොනැවතී ඔහු හිස මත පතිත වෙද්දීත් ය.
1929 දී ‘මාස්ටර් සහ මාගරීටා’ නම් වූ ම් අතිශ්‍රේෂ්ඨ නවකතාව රචනා කිරීම අරඹන ඔහු එය අවසන් කරන්නේ 1940 දී ය. ඉන්ද්‍රජාලික යථාර්ථවාදය යනුවෙන් අප අද හඳුනාගන්නා රචනා මගෙහි ලකුණු විශද කළ විශිෂ්ට නිර්මාණ කෘතියක් ලෙස ජගත් විචාරකයෝ ‘මාස්ටර් සහ මාගරීටා’ නවකතාව සලකති.
විවිධ තේමාවන් සහ විවිධ සාහිත්‍ය විශේෂයන් රාශියක සංකලනයක් එක් නිර්මිතයක අපූරු ලෙස ගොඩනැගී ඇති මේ වෘත්තාන්තයේ කේන්ද්‍රය වන්නේ විශ්වීය බලයන් අතර, එනම්, යහපත සහ නපුර අතර විසංවාදයයි. මෙහිදී බුල්ගාකොව්ගේ ප්‍රධාන සංකල්ප-රූපකමය උත්තේජනය ගොතෙගේ ‘ෆාවුස්ට්’ කෘතියෙන් සහ බයිබලයෙන් දැල්වුනු බවක් පැහැදිලිව නිශ්චය කළ හැකි ය. සාතන් හෝ ‛ෆාවුස්ට්’හි මෙෆිස්තොෆෙල් රූපකය ඔහුගේ ‛මොලියර් මහතාගේ ජීවිතය’ සහ තියාත්රල්නි රොමාන්’ කෘතිවල ද ඉව කළ හැකි ය.
‘වෘත්තාන්තයක් තුළ වෘත්තාන්තයක’ වර්ගීකරණයට හසුවන සේ, මාස්ටර් විසින් ප්‍රබන්ධ කරන ‘පොන්තී පිලාත්’ ඓතිහාසික වෘත්තාන්තය සහ එහි චරිත ‛ප්‍රධාන’ වෘත්තාන්තය සහ එහි චරිත සමඟ එකට මුසුවීමෙන් ද අද්භූතය සහ සැබෑව අතර සීමාවන් නිර්මාණාත්මක තාර්කිකත්වයකට අනුකූලව මැකී යාමෙන් ද හටගන්නා අපූර්ව අධ්යථාර්ථවාදී ස්වරූපයක් තුළ විශ්වීය බලයන්ගේ විසංවාදී හැසිරීම සහ මනුෂ්‍ය පැවැත්මේ ස්වකීය ඇගයුම් නිශ්චය කරන ‘මාස්ටර් සහ මාගරීටා’ විශ්ව සාහිත්‍යයේ මාහැඟි වස්තුවක් බවට පත්ව තිබේ.







Reviews
There are no reviews yet.