Maranaya Pilibada Vidyava Hewath Thibbatha Malapotha – මරණය පිළිබඳ විද්‍යාව හෙවත් තිබ්බත මළපොත
රු1,280.00
සිදු වන බව නිශ්චය වශයෙන්ම කිව හැකි සිද්ධියක් අපගේ ජීවිත වල ඇතොත් ඒ මරණය පමණි. එබැවින් එය ජීවිතයේ අන් හැම සිදුවීමකට ම වඩා වැදගත් වේ. මුළු ජීවිතය පුරා ම අප උත්සාහ කරන්නේ මරණයෙන් බේරීමටය. අපගේ සෑම ක්‍රියාවක්ම ගොඩනැඟී ඇත්තේ මරණය කේන්ද්‍ර කොටගෙන ය. එහෙත් කොතෙක් උත්සාහ කළ ද මරණයෙන් බේරීම නම් අපට කෙසේවත් කළ නො හැක. එසේ වුවත් අප කිසිවක් නො දන්නේ ද මරණය ගැන ම ය. උපන් හැම දෙනා ම මරණය උරුම කොට ගෙන එන නිසා, සෑම දෙනාම මරණයට නියත වන නිසා මරණය පිළිබඳව කරුණු දැන සිටීම ඉතා වැදගත්ය. එබැවින් උපන් සියල්ලන් විසින්ම, එනම්, මරණයට නියතව සිටින සියල්ලන් විසින් ම අන් කවර පොතක් නොකියවුව ද, කියවිය යුතු එකම පොත නම් මරණය හා ඉන් පසු අපට සිදු වන දෑ ඉතා පැහැදිලි ව විස්තර කෙරෙන ‘තිබ්බත මළපොත’ යයි සිතේ.
“ජීවිත සිද්ධීන් සිහිනයකට සමාන කළ හැකි ය. සොල්මනකට, දිය බුබුලකට, හෙවනැල්ලකට, දිලිසෙන පිනි බුබුලකට හෝ ප්‍රභාස්වර විදුලි ධාරාවකට සමාන කළ හැකිය. ඒවා පිළිබඳව භාවනා කළ යුත්තේ එපරිද්දෙනි. ‘
බුදුන් වහන්සේ
” ඔබගේ මනසේ තියුණු ස්වභාවය නැති වන්නට පෙර, වේදනාව විසින් ඔබ වෙළාගනු ලැබීමට පෙර, ඔබ අනතුරට පත් වීමට පෙර සත්‍යාවබෝධය සඳහා වෙර දරන්න.’
කුලාර්ණව තන්ත්රය, 1, 27.










Reviews
There are no reviews yet.