Keheli.lk

10% OFF

Manik widyawa saralawa-මැණික් විද්‍යාව සරලව

රු450.00

1979 දී රාජ්‍ය මැණික් සංස්ථාවේ වාණිජජ්‍ය අංශයේ සේවයට බැඳුණ ඇය රත්න විද්‍යාව හදාරා 1985 දී බ්‍රිතාන්‍ය රත්න විද්‍යා සංගමයේ ප්‍රාථමික විභාගයෙන් විශිෂ්ට සාමාර්ථයක් ලැබුවාය. 1985/1986 දී මොරටුව විශ්ව විද්‍යාලයේ රත්න වේදනාව පිළිබඳ සහතික පත්‍ර පාඨමාලාව සාර්ථකව අවසන් කරන ලද ඇය. 1994 දී රාජ්‍ය මැණික් සංස්ථාව. ජාතික මැණික් සහ ස්වර්ණාභරණ අධිකාරිය බවට පත් වන විට එම ආයතනයට එක් වුණි. 1997 දී තක්සේරු අංශයේ සේවයට එක් වූ ඇය 2001 දී බ්‍රිතාන්‍ය රත්න විද්‍යා සංගමයේ රත්න විදන ඩිප්ලෝමාව ලබා ගත්තාය.

2002 ක වසරේ අධිකාරිය මගින් ශිෂ්‍යත්වයක් ලැබ තායිලන්තයේ ආසියානු රත්න විදන ආයතනයේ කෘත්‍රිම හා පිටියම් කළ මැණික් හඳුනා ගැනීම පිළිබඳ මසක පුහුණුවක් ලැබුවාය.

පසුව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ රත්න විද්‍යාව පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාව ලබා ගත්තාය. ඇය ජාතික මැණික් සහ ස්වර්ණාභරණ අධිකාරියේ රත්න විද්‍යාඥවර්යක වශයෙන් වසර ගණනාවක පළපුරුද්දක් ලබා ඇත.

ඇය ශ්‍රී ලංකා රත්න විද්‍යාඥයින්ගේ සංගමයේ හා මොරටුව විශ්ව විද්‍යාලයේ රත්න විද්‍යා සංගමයේ යාවජීව සාමාජිකාවක් වන අතර බ්‍රිතාන්‍ය රත්න විද්‍යා සංගමයේ අනුගාමි සාමාජිකාවක ද වේ.

රත්න විද්‍යා පිළිබඳ විවිධ පාඨමාලාවන් හැදෑවීම, ක්‍ෂේත්‍රයේ වසර ගණනාවක දැනුම, අත්දැකීම් හා පළපුරුද්ද ඇයට මෙලෙස රත්න විදනාව පිළිබඳ පොතක් රචනා කිරීමට බෙහෙවින් ඉවහල් විය.

Reviews

There are no reviews yet.

Be the first to review “Manik widyawa saralawa-මැණික් විද්‍යාව සරලව”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat