Manaram Hiru Dahasak – මනරම් හිරු දහසක්
රු704.00
රෂීඩ්ට විවාහ කර දී කාබුල්වලට යවන විට මාර්යම්ගේ වයස යාන්තම් අවුරුදු පහළොවකි. ඊට අවුරුදු විස්සකට ආසන්න කාලයකට පසුව, මාරියම් සහ ගමේ යුවතියක වන ලයිලා අතර මවක සහ දියණියක අතරේ පවතින බැඳීම තරම් දැඩි මිතුරු දමක් ගොඩ නැඟෙයි. තලිබාන් කැරලිකරුවන් රටේ බලය අල්ලාගත් විට, ජීවිතය සාගින්නට, මිලේච්ඡත්වයට සහ සංත්රාසයට එරෙහිව කෙරෙන බලාපොරොත්තු විරහිත සටනක් බවට පත් වෙයි. එහෙත් ඒ සියලු ව්‍යවසන අතරේ, අනපේක්ෂිත ආකාරවලින් ක්‍රියාත්මක වීමටත්, විස්මකුරු වීරත්වයකින් යුතුව අතිදරුණු බාධක ජය ගැනීමටත් ආදරය, සෙනෙහස සහ භක්තිය විසින් මාරියම් සහ ලයිලා මෙහෙයවනු ලැබේ.
අතිවිශිෂ්ඨ ලෙස කතාන්දර කීමේ හැකියාවක් හොසෙයිනි සතුව තිබේ…….
මේ කතාව කියවා සසල නොවුණා නම් ඔබ පිළිමයක් විය යුතුය.
-අයිරිෂ් ඉන්ඩිපෙන්ඩන්ට්
මේ නවකතාවේ හදගැස්ම ප්රචණ්ඩත්වයේ ගොදුරු බවට පත් වූ ගැහැණුන් දෙදෙනා අතරේ ඇති අනුවේදනීය සම්බන්ධතාවයි.
-පීපල්
ප්රචණ්ඩ කැළඹිලි සහ ව්‍යාකූලතාවලින් පිරි ඇෆ්ගනිස්තානයේ දශක හතරක්, සෝ සන්තාපයන් ඉදිරියේ නොනැසී ජීවත් වීම පිළිබඳ වෘතාන්තයක්………
හොසෙයිනි සිත වික්ෂිප්ත කරන හැකියාවක් ඇති කතාකරුවෙකි.
-ඊවිනින් ස්ටෑන්ඩර්ඩ්
Out of stock










Reviews
There are no reviews yet.