Keheli.lk

10% OFF

Mama Raktha Warna Nam Wemi-මම රක්ත වර්ණ නම් වෙමි

රු1,260.00

1590 දශකයේ මුල්භාගයේ ඉස්තාන්බුල් නුවරදී, සිය ජීවිතයත්, අධිරාජ්‍යයත් වර්ණනා කරනු පිණිස ශ්‍රේෂ්ඨ ග්‍රන්ථයක් නිර්මාණය කරන ලෙසට ඔටෝමන් සුල්තාන්වරයා තම චිත්‍ර ශිල්පීන්ට රහසින් නියම කරයි. ඒ මාහැඟි ග්‍රන්ථයේ පිටු අලංකරණය කිරීම එවක විසූ විශිෂ්ට චිත්‍ර ශිල්පීන් හට පැවරෙයි. එහෙත්, ඒ චිත්‍ර ශිල්පීන් අතරින් එක් ක්ෂුද්‍ර චිත්‍ර ශිල්පියකු මරා දැමුණු විට, මිනීමරුවා සොයාගැනීම පිණිසත්, ග්‍රන්ථයේ වැඩ නිම කරනු පිණිසත් පිටස්තරයකුගේ සහය පතන්නට ග්‍රන්ථ ව්‍යාපෘතිය භාර ප්‍රධාන ක්ෂුද්‍ර චිත්‍ර ශිල්පියාට සිදුවෙයි. මරා දැමුණු චිත්‍ර ශිල්පියා ගොදුරක් වූයේ වෘත්තීයමය එදිරිවාදිකමකද, ආදරය නිසා උපන් ඊර්ෂ්‍යා පරවශබවෙහිද, එසේත් නැතහොත් ආගමික උමතුවේද? අබිරහස් මිනීමැරුමක සුලමුල සොයන ත්‍රාසය මුසු අපූර්ව නිර්මාණයක් වන මෙම නවකථාව, ආදරය, සිතුවම් කලාව කෙරෙහි මිනිසුන් තුළ ඇති අසීමිත කැපවීම මෙන්ම පෙරදිග සහ අපරදිග අතර ඇති සදාතනික ගැටුම විවරණය කරන මනරම් ආඛ්‍යානයකි.

Out of stock

Reviews

There are no reviews yet.

Be the first to review “Mama Raktha Warna Nam Wemi-මම රක්ත වර්ණ නම් වෙමි”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat