Keheli.lk

10% OFF

Mahapolowa – මහපොළොව

රු630.00

මහකන්ද ග්‍රාමය පන්ති විෂමතාවයේ සදාතනික අරගලය සියුම් ලෙස සංඥාර්ථ ගන්වයි. මහකන්දේ දුක් සුසුම් බොන මිනිසුන්ගේ සුන්දර සිහින දරා සිටින අසුන්දර හැලහැප්පීම් කන්දක් තරමට විසල්ව ගොඩගසා ඇත. පන්ති විෂමතාවයේ පීඩනය මිරිකා හරින්නට හැක්කේ අධ්‍යාපනයෙන් පමණක්ම බව පසක් කරන්නට වෑයම් දරා ඇත. එය දැන උගත්කමට කොයි තන්දත් සමතලා වන බව පිළිබඳ සියුම් උපහාසයකි.

අනෙක් අතට සමාජ ගතිකත්වය පිළිබඳ ගැඹුරු කියවීමකින්, ස්ත්‍රී පුරුෂ සමාජභාවී ඒකාකෘතිකරණය විෂමව ප්‍රශ්නාර්ථ ගන්වා ඇත. ගුණයත් ආදරයත් රැගත් නවකතාවේ ප්‍රධාන චරිතය ගුණාදරි ඒකාකෘති ඛණ්ඩනය කරන ලද ගැහැණියක් ලෙසින් පෙනේ. ලේඛකයකුගේ පරිණත දැක්ම යනු එම නව්‍ය චින්තනයයි. භාෂාව, අවස්ථා, සිද්ධි මෙන්ම චරිත නිමැයුම අලංකෘත වන්නේත්. සංවේදී වන්නේත් එබැවිනි.

සංකීර්ණ දේ සරල කිරීම නිර්මාණ ශීලීත්වයයි. මහකන්දේ කතන්දරය සංකීර්ණ සමාජ, ආර්ථික, දේශපාලනික, සංස්කෘතික විවරණයක් සරලව ගෙත්තම් කිරීමකි. එය පාඨකයාට කියවීමේ රුචිය වඩයි. ඇතැම් සිදුවීම් හද දවයි. සිත කම්පිතකරයි. නැවත සුදු කලු චරිත සිත සුවපත් කරයි. මනු සතුන් දෙපයින් දරා සිටින ජීවිතයේ බර, මැසිවිලි නොනගා දරා සිටින්නේ මහපොළොවයි. මහ පොළොව නවකතාවෙහි යටි පෙළ අර්ථයත් මිනිස් ජීවිතයේ සංකීර්ණ බව ප්‍රතිනිර්මාණයක් ලෙසින් පෙනේ. මේ කතුවරයාගේ කුළුදුල් නවකතා නිර්මාණය වුවද පරිණතමෙන්ම මනරම් භාෂා විලාසය පාඨක සිත් අලවන සුලුය. මහකන්දෙන් පැන නගින කතුවරයාගේ නිර්මාණ දියවරින් හෙල සාහිත කෙත සරු කෙරේවා

Reviews

There are no reviews yet.

Be the first to review “Mahapolowa – මහපොළොව”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat