Keheli.lk

15% OFF

Mage dagesthanaya-මගේ දගෙස්ථානය

රු552.50

ලෙනින් සම්මාන ලත්, චිරප්‍රසිද්ධ අවාර් කවියා වූ රසුල් ගසොටොව්ගේ පළමු ගද්‍ය කෘතිය වූ ‘මගේ දගෙස්ථානය සෝවියට් සාහිත්‍යයෙහි අනුස්මරණීය ස්ථානයක් හොබවයි.

සෝවියට් ද ගෙස්ථානු ජනතාවගේ නව ජීවිතය රසුල් ගසොටොව්ගේ ලියවිලි වල තේමාව ය. “දගෙ ස්ථානය. ඔබ මගේ ආදරය සහ ප්‍රතිඥාවයි. මගේ ආයාචනය සහ යාඥාවයි. මගේ සියලු පොත්වල ද, මගේ මුළු දිවියේ ද තේමාව ඔබ ම පමණයි.

මේ පොත එක්තරා අයුරකින් පොපොච්චාරණයකි. එය ජිවිතය සහ කලාව පිළිබදව ලේඛකයාගේ සිතුවිලි පැහැදිලි කරයි. අපූර්ව උල්පතකින් පැන නඟින එය පෙරදිග ආකාරයෙන් සංක්ෂිප්තාර්ථිත ය. මේ ගැදිය පුරා පැදි ද කෙටි කතා ද අතරින් පතර විසිර තිබේ. උපදේශාත්මක උපමා කතා, පිරුළු සහ ගැමි ජන ප්‍රඥාව කාවැද්දූ කියමන් ඒ අතර වේ. වරෙක ඒවා හාස්‍යජනක ය. වරෙක දුක්බරය.

‘රසුල්’ යනු අරාබි බසින් ‘නියෝජිතයා ‘ යනු ය. ඇත්ත වශයෙන් ම රසුල් ගම් සොටොව් සෝවියට් දගෙස්ථානයේ ගෞරවනීය නියෝජිතයෙකි. ඔහු තම භූමිය ගැනත්, එහි වැසියන් ගැනත් මුළු මහත් ලෝකයට කීවේ ය.

Weight 0.3 kg

Reviews

There are no reviews yet.

Be the first to review “Mage dagesthanaya-මගේ දගෙස්ථානය”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat