| Weight | 0.3 kg |
|---|
Mage dagesthanaya-මගේ දගෙස්ථානය
රු552.50
ලෙනින් සම්මාන ලත්, චිරප්රසිද්ධ අවාර් කවියා වූ රසුල් ගසොටොව්ගේ පළමු ගද්‍ය කෘතිය වූ ‘මගේ දගෙස්ථානය සෝවියට් සාහිත්‍යයෙහි අනුස්මරණීය ස්ථානයක් හොබවයි.
සෝවියට් ද ගෙස්ථානු ජනතාවගේ නව ජීවිතය රසුල් ගසොටොව්ගේ ලියවිලි වල තේමාව ය. “දගෙ ස්ථානය. ඔබ මගේ ආදරය සහ ප්රතිඥාවයි. මගේ ආයාචනය සහ යාඥාවයි. මගේ සියලු පොත්වල ද, මගේ මුළු දිවියේ ද තේමාව ඔබ ම පමණයි.
මේ පොත එක්තරා අයුරකින් පොපොච්චාරණයකි. එය ජිවිතය සහ කලාව පිළිබදව ලේඛකයාගේ සිතුවිලි පැහැදිලි කරයි. අපූර්ව උල්පතකින් පැන නඟින එය පෙරදිග ආකාරයෙන් සංක්ෂිප්තාර්ථිත ය. මේ ගැදිය පුරා පැදි ද කෙටි කතා ද අතරින් පතර විසිර තිබේ. උපදේශාත්මක උපමා කතා, පිරුළු සහ ගැමි ජන ප්‍රඥාව කාවැද්දූ කියමන් ඒ අතර වේ. වරෙක ඒවා හාස්‍යජනක ය. වරෙක දුක්බරය.
‘රසුල්’ යනු අරාබි බසින් ‘නියෝජිතයා ‘ යනු ය. ඇත්ත වශයෙන් ම රසුල් ගම් සොටොව් සෝවියට් දගෙස්ථානයේ ගෞරවනීය නියෝජිතයෙකි. ඔහු තම භූමිය ගැනත්, එහි වැසියන් ගැනත් මුළු මහත් ලෝකයට කීවේ ය.








Reviews
There are no reviews yet.