| Weight | 0.5 kg |
|---|
Lantharum Dahase Niwahana (Victoria Holt)-ලන්තෑරුම් දහසේ නිවහන(වික්ටෝරියා හෝල්ට්)
රු1,360.00
එංගලන්තයේ සුන්දර ගැමි පරිසරයක පිහිටි මහා මන්දිරයක සිය මව සමගින් ජීවත් වීමට යන දැරියක වටා මේ කතාව ගෙතී ඇත. තුරුණු වියට පත්ව ආදරයේ චමත්කාරය අත් දකින කතා නායිකාව ජේන්ගේ ලෝකය කඩා වැටෙන්නේ අනපේක්ෂිතවය. එහෙත්, ඇය සිය සැබෑ ආදරය හද තුළ සඟවාගෙන ජීවිතයට මුහුණ දෙන්නීය. ඈත පෙරදිග හොංකොං හි පිහිටි අරුම පුදුම නිවහනක හිමිකාරිය වීමට ඇයට අවස්ථාව උදාවන්නේ නොහිතූ ලෙසය. එම නිවහන ලන්ටෑරුම් දහසේ නිවහන නම් වෙයි. එහි ඇතැයි පැවසෙන රහසක් සොයා යන ඇයට අරුම පුදුම අත්දැකීම් රැසකට මුහුණ දීමට සිදුවේ. තමන්ට නුහුරු නුපුරුදු ජන සමාජයක සිතුම් පැතුම් හා අදහස් උදහස් සමඟ ගැටෙන ජේන් සියල්ල උපේක්ෂාවෙන් විඳ දරා ගන්නීය. මිථ්‍යා විශ්වාස මත එල්බ ගත් ඒ ජන සමාජයේ ඇතැම් චරිත හැසිරෙන අන්දම මේ කතාවෙන් අපූරුවට නිරූපණය කෙරේ. එවන් අවස්ථාවන්හි දී ජේන්ට සිය ආදරය ගැන ද සැක සංකා මතුවේ. එහෙත්, ඇය සියලු අභියෝගවලට ධෛර්යවත්ව මුහුණ දී ජීවිතය ජය ගන්නීය.










Reviews
There are no reviews yet.