15% OFF
Kunatuwa – කුණාටුව
රු1,020.00
මැසවුසෙට්ස් වෙරළට ඔබ්බෙන් වූ මුහුදේ පැසෙමින් තිබුණේ සෑම අතින්ම පරිපූර්ණ යැයි කිව හැකි – සියවසකට එක් වරක් පමණක් ඇති විය හැකි පන්නයේ අපරිමිත ප්‍රබලත්වයකින් යුතු මෙන් ම ඊට ම ගැළපෙන තරමින් ප්‍රචණ්ඩ වූ – දැවැන්ත කුණාටුවකි. පුරා මාසයක කාලයක් තිස්සේ ඈත මුහුදේ මසුන් ඇල්ලීමෙහි යෙදී සිට නැවත නිවෙස් බලා යන ‘ඇන්ඩ්‍රියා ගේල්’ නම් තලපත් දඩයම් යාත්‍රාවට සහ එහි හුන් සය දෙනෙකුගෙන් යුත් පිරිසට සිය ගමන් මාර්ගය මෙම අතිඝෝර ‛සියවසේ කුණාටුව’ හරහා වැටී ඇති බව අතර මග දී දැනගන්නට ලැබෙයි. සියලු සන්නිවේදන මාර්ගයන් අහිමි වී ගොස් ඇති මොහොතක, පැයට සැතපුම් එකසිය විස්සක වේගයෙන් හැමූ බිහිසුණු චණ්ඩ මාරුතය මධ්‍යයේ ලොමු දැහැගැන්වෙනසුලු පෙනුමැති අනනුකම්පීය උස් රළ ගෙඩි මතින් ඔවුහු – නිරර්ථක වුවද අතිමහත් ප්‍රයත්නයකින් – සිය ජීවිතය උදෙසා සටන් කළහ.










Reviews
There are no reviews yet.