Keheli.lk

10% OFF

Kohoba yak kankari kawya sahithya-කොහොඹා යක් කංකාරි කාව්‍ය සාහිත්‍යය

රු1,575.00

කොහොඹා යක් කංකාරි කාව්‍ය සාහිත්‍යය වූ කලී විශේෂයෙන් අධ්‍යයනය කළ යුතු විෂය ක්ෂේත්‍රයකි. මක් නිසාද යත්; එහි කවි සිව් පද සන්න, සැහැලි ආදිය මතු නොව වෘත්තගන්ධි ගද්‍ය පාඨ හා චම්පු කාව්‍ය ලක්ෂණ සහිතවිශේෂාංග ද ඇතුළත් හෙයිනි.

සහ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය මුදියන්සේ දිසානායක කැලණිය විශ්ව විද්‍යාලයෙන් ලලිත කලාවේදී (B.F.A) ප්‍රථම පන්ති උපාධියත්, ශ්‍රී ප්ලවර්ධනපුර විශ්ව විද්‍යාලයෙන් ශාස්ත්‍රපති (Μ.Α) දර්ශනසූරි (ph.D) උපාධියත්, ඉන්දියාවේ හාත්ඛණ්ඩ සංගීත විශ්ව විද්‍යා පීඨයෙන් කටක් නැටුම් පිළිබඳ ඩිප්ලෝමා (Diploma) උපාධියත් ලැබුවෙකි. වෘත්තීය නර්තන ශිල්පියෙකු, මුද්‍රා නාට්‍ය ශිල්පියෙකු, මුද්‍රා නාට්‍ය රචකයෙකු ද වූ මුදියන්සේ දිසානායක වූ කලී ශ්‍රී ලාංකීය ලලිත කලා උපාධිධරයන් අතරින් නර්තන විෂය පිළිබඳ ප්‍රථම වරට ප්‍රථම පන්ති සාමථ්‍යයක් ලැබුවා වූත්, නර්තනය පිළිබඳ ලලිත කලාවේදී උපාධිධරයන් අතරින් මෙරට හෝ විදේශයක දී පර්යේෂණ නිබන්ධයක් සඳහා ශාස්ත්‍රපති සහ දර්ශනසූරී උපාධි ලැබූ ප්‍රථම ශ්‍රී ලාංකික නර්තන ශිල්පියා ද වේ. මුදියන්සේ දිසානායක වූ කලී ශ්‍රී ලංකා ඉතිහාසයේ දර්ශනසූරී උපාධියක් සහිතව නර්තන විෂය සඳහා ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පදවිය ලත් ප්‍රථම හා එක ම වෘත්තීය නර්තන ශිල්පියා යි.

මෙම කෘතිය වූ කලී සමස්ත කංකාරි සාහිත්‍යය එක්තැන් කළ ප්‍රශස්ත කාව්‍ය සංග්‍රහයකි.

Reviews

There are no reviews yet.

Be the first to review “Kohoba yak kankari kawya sahithya-කොහොඹා යක් කංකාරි කාව්‍ය සාහිත්‍යය”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat