Keheli.lk

10% OFF

Kirulaka urumaya-කිරුළක උරුමය

රු1,125.00

ඇයට වෙස් මාරු කරගන්නා විජ්ජාව කියා දුන්නේ ඇගේ පියාය. එදින ඔවුන් දෙදෙනා මාළිගයෙන් පිටව ආවේ මවටද හොරා ය. පියා දුගී ගම් වැසියෙක් ලෙසත්, ඇය ඔහුගේ කඩමාළු වැරහැලි ඇඳගත් දියණිය ලෙසත් වෙස් ගන්වාගෙන සිටියෝය. එදින කඩ වීදි පුරා ඇවිදිමින් කඩචෝරු කෑම රස විඳිමින් ඔවුන් දෙදෙනා බොහෝ විනෝද වූහ. යළි මාළිගයට ගිය පසු මවගෙන් අසන්නට වූ බැණුම් කන්දරාව ගැනද ඇය සිහිපත් කළේ මිහිරි සන්තාපයක රසය විඳිමිනි. සැමටම වඩා එම දිනය ඇගේ මතකයේ රැඳී ඇත්තේ ඇගේ පියා ඇයව කැඳවාගෙන ගිය ගමන් මග නිසාය.
එක්වරම නතර වූ ඉසෙල්, ජේම්සන්ගේ අතින් අල්ලාගත්තාය. ඇගේ දෑස් විසල් වී තිබුණි. චාලිද නතර විය. ඇය ප්‍රවේශමෙන් වටපිට බැලුවාය. අසලක කිසිවෙකුත් නැත. ඇය ජේම්සන්ගේ කනට ළං විය. “උමග. ගඟෙන් එගොඩ. කැලෑවෙ.”

Reviews

There are no reviews yet.

Be the first to review “Kirulaka urumaya-කිරුළක උරුමය”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat