Keheli.lk

10% OFF

Kiri Maduwel – කිරි මදුවැල්

රු855.00

මං වැටෙන්න ගියොත් බිනර මට වැටෙන්න දෙන්නෙ නෑ නේද?”

“නෑ.”

” පුංචි කාලෙ මම අනන්තවත් වැටිලා තියෙනවා. මාව වට්ටලත් තියෙනවා.”

“කවුද?”

“වෙන කවුරුවත් නෙමෙයි. යාලුවො, ඒත් වැව හැම වෙලාවකම මං නැගිටලත් තියෙනවා.”

බිනර මුව තද කරගෙන සිටිය ද, ඔහුගේ දෙනෙතින් සිනාව දෝර ගලා යන අයුරු ධනවන්තරී දුටුවාය.

” එළියෙදී එහෙම වුනාට ගෙදරදි වැටුනාම මම නැගිටින්නෙ නෑ. අම්මා හරි අපුච්චා හරි ඇවිත් නැගිට්ටනකම් ඉන්නවා.”

බිනරගේ දෙනෙත්වල වූ සිනාව සැනෙකින් වියැකි ගියේය. ඔහුට ද තම පියා සිහියට නැගෙන්නට ඇතැයි ධනවන්තරී සිතිණ.

“මේ ලෝකෙ ඉන්න හොඳම අම්මයි අප්පුච්චයි මට ලැබිලා තිබුණ බිනර, මං වැටුනම ඒ දෙන්නා හිනා වෙනවා එන්න පුතේ නැගිට්ටන්න කියලා.”

එවර බිනරට හඬ නගා සිනා පහළ වූයෙන් ධන්වන්තරීගේ සිතට සැහැල්ලුවක් දැනිණ.

 

Reviews

There are no reviews yet.

Be the first to review “Kiri Maduwel – කිරි මදුවැල්”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat