Keheli.lk

10% OFF

Keshiniko Manali කැෂිනිකෝ මනාලි

රු585.00

අදින් පසු මා මීට සිව් මසකට පෙර සිටි ෆැන්ටසියෙන් ඉවත් වීමට තීරණය කළෙමි. මීට සිව් මසක පෙර සිටි ෆැන්ටසිය බෙහෙවින් ප්‍රියය. ආදරණීයය. උමතුය. මේ තාක් මා සිටියේ ඝනව වැව් තිබූ පයිනස් ගස් අතර ප්‍රේමයේ කවිය අකුරු කරමින්ය. හූ හඬ නොදෙන නරි රජෙක්ගේ රාජධානියක ප්‍රේමයේ පිවිතුරු හැගීම් ඒ සමඟම බද්ධ කරමින්ය.
ඉතිං අදින් පසු මා ගෙවූ ඒ සීතල දියතලාවේ මතකද. ශික්ෂණය දෙන වාසිටියේ මතකද, ප්‍රේමයේ කවිය ද මෙතනින් නිමා කළෙමි. නුදුරු දිනයක එය ඔබේ අතට පත් වූ දිනයක මා එහි ගිලී සිටියේ කෙසේද? එයට ආදරේ කරේ කෙසේද? යන පැන මගෙන් නොඅසන්නට යැයි මා ඔබට පසක් කරමි. මන්ද එහි තිබූ ආදරණීයත්වයත් වාසිටියේ ආදරයත්, ඝනට වැඩි තිබූ පයිනස් ධාරාවන්ගේ කතාත්, උරහිසක තරු අතර සැඟවී තිබූ ප්‍රේම වෘතාන්තයත් තවමත් මා උන්මන්තකීයක් කර ඇති නිසාවෙනි. ඉතිං අදින් පසු මා මගේ හදවතේ උසාවිය නිදොස් කොට නිදොස් කරන ලදී. එය ඔබේ අතට පත් වූ පසු ඔබත් ඒ පිවිතුරු ප්‍රේමයේ උන්මත්තකයෙක් වන බව නොඅනුමානය. එතෙක් මා නවතිමි. ආරම්භය මා සොයා පැමිණි දිනයක මා ඔබට ඒ බව දන්වමි.
– නිම්නාවී රාජකරුණා –

Reviews

There are no reviews yet.

Be the first to review “Keshiniko Manali කැෂිනිකෝ මනාලි”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat