Keheli.lk

10% OFF

Kawadi duwe weerayo – කවඩි දූවේ වීරයෝ

රු337.50


අගනුවර ප්‍රධාන විදුහලක ඉගෙනුම ලබන සිසුන් තිදෙනෙකු වන ලකිත්, චමත් සහ හිමාල් එක් පාසැල් නිවාඩු සමයක දකුණු පළාතේ පිහිටි සුන්දර මුහුදු බඩ නගරයක් වන “කවඩි දූව” නගරය වෙත යන්නේ එහි ස්වභාව සෞන්දර්ය රිසිසේ විඳ ගැනීමටය.
සුන්දර කවඩි දූව නගරයේ සුදු රළ පෙන පාවෙන මුහුදු වෙරළේ ඇති සුළගට සර සර ගා සෙලවෙන වැටකේ පඳුරු අතර ටික දිනක් සතුටින් ගත කරන ඔවුන් තිදෙන එම නගරයේ සුන්දරත්වය වසා පැතිරෙන, එහි ජනතාව පීඩාවට පත්කරන ගුප්ත බලවේගයක් ඇති බව වටහා ගනී.
කවඩිදූව නගරයේදී ඔවුන්ට අහම්බෙන් හමුවන “සිරිමල්” නමැති මිතුරකුගේද සහාය ඇතිව එම ගුප්ත එම ගුප්ත බලවේගයට එරෙහිව උපක්‍රමශීලීව සටන් කරන ඔවුන් තිදෙනා, අවසානයේ එම පීඩාකාරී බලවේගය පරාජය කර සමාජයට වින කරන මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවෙකුද නීතියේ රැහැනට හසුකර දෙති.
“කවඩිදූවේ වීරයෝ” නමැති මෙම යොවුන් නවකතාව රචනා කළ අනුර පද්මසිරි දිසානායක කැළණිය විශ්ව විද්‍යාලයේ වාණිජ විද්‍යා විශේෂවේදී උපාධිධාරියෙකි. ඔහු දැනට වයඹ සංවර්ධන බැංකුවේ කළමණාකරුවෙකු ලෙස සේවය කරයි.

Reviews

There are no reviews yet.

Be the first to review “Kawadi duwe weerayo – කවඩි දූවේ වීරයෝ”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat