Kautilya Artha Shasthraya – කෞටිල්‍ය අර්ථ ශාස්ත්‍රය
රු2,655.00
ඉන්දියාවේ පහළ වූ විස්මිත මනසක් ඇති කෞටිලය හෙවත් චානක්‍ය විසින් ලියා ඇති රාජ්‍යයන් තැනීම සහ ජීවත් වීමේ කලාව පිළිබඳ අති විශේෂ විස්තරාත්මක සම්භාව්‍ය අත්පොත මෙයයි. වානක්‍ය, විෂ්ණු ගුප්ත යන නම් වලින් ද හැඳින්වෙන කෞටිලය විසින් ක්‍රිස්තු පූර්ව 150 ත් 300 ත් අතර කාලයක මේ කෘතිය ලියනු ලැබ ඇතැයි අනුමාන කෙරෙයි. ඔහු ඍග්වේදයෙහි නිපුණ, දේශපාලනය පිළිබඳ විස්මිත මනසකින් යුත් පුද්ගලයෙකි. ඔහු මගධයේ නන්ද පරපුර පලවා හැර, චන්ද්‍රගුප්ත මෞරිය සිහසුනේ පිහිටුවීය. ආර්ථික විදනාව, රජුන් තැනීම, දණ්ඩ නීතිය, විදේශ ප්‍රතිපත්තිය, යුද්ධ උපක්‍රම, චර පුරුෂ සේවය යනාදී වශයෙන් මාතෘකා ඇතුළත් කාණ්ඩ පහළොවකින් යුත් ග්රන්ථයකි; සංස්කෘත ශ්ලෝක 380 කි.
අර්ථ, ධර්ම, කාම, මෝක්ෂ යන පුරුෂාර්ථ සතර අනුව පාලනය වන රාජ්‍යයක් ගැන මෙන්ම, විදේශ ප්‍රතිපත්තියේදී සාම, දාන, භේද දණ්ඩ යන උපක්‍රම සතර ගැනද විස්තර වෙයි. මිනිසාට සාර්ථක ජීවිතයක් ගත කිරීම සඳහා ගත කළ යුතු බ්‍රහ්මචාරී, ගෘහස්ථ, වනප්‍රස්ථ, සන්නසී යන ආශ්‍රම සතර ගත කළ යුතු ආකාරයද කියයි. බ්‍රාහ්මණ, ක්ෂත්රිය, වෛශ්‍ය, ශුද යන ආර්ය වර්ණ හතර පදනම් කරගත් සමාජයක් විස්තර කරයි.
මෙහි අරථ නොහොත් ධනය ගැන විශේෂ වශයෙන් විස්තර කරයි. රාජ්‍යයේ සහ ජනතාවගේ සෞභාග්‍යය උදෙසා රාජ්‍ය පාලකයාගේ ඇති ප්‍රබලත්වය කෞටිලන ගෙන හැර දක්වයි. එම නිසා එය දේශපාලන මෙන්ම, ආර්ථික වශයෙන් සමාජයට වැදගත් වන අන්දම විස්තර කරයි.







Reviews
There are no reviews yet.