Keheli.lk

15% OFF

Katumatten Eha – කටුමැට්ටෙන් එහා

රු850.00

මාලනී අබේවික්‍රම මහත්මියගේ කටුමැට්ටෙන් එහා පළමුව මා කියවන්නේ මුහුණු පොතෙනි, එය කියවීමක් නොවීය…කියවන අත්දැකීමක් විය.
කුඩා කල පාසල ඇරී ගෙදර එන මග සංවහන කාලයේ වැටෙන වැසි මගේ මතකයට නැගේ, දහවල ගිනියමට අස්වැසිල්ලක් ගෙනෙමින් දූවිලි පොඟවා එන නැවුම් සුවඳ, ඒ සුවඳ පෙනහළු පතුළට වැදී තව තවත් ඇස් වසා ආඝ්‍රාණය කරන්නට මා පෙළඹවූ හැටි සිහි වේ. මාලනී අබේවික්‍රමයන්ගේ කටුමැට්ටෙන් එහා ද එසේමය. වැසූ ඇස් පියන් පද්දමින්, හිස දෙපසට වනමින් ආයෙමත් ගැඹුරු හුස්මක් ගන්නට මට කියයි…එය ඒ තරම්ම නැවුම්ය…ඈ අපට කියන්නේ මිහිතලයේ සුවඳයි…එක අතකට සොබාදහමේ විශ්වීය අයිතිකාරියක වූ ඈ තරම් ගැමි සුවඳ ගැන කියන්නට අප අසමත්ය. මහනුවර මහාමායා බාලිකා විදුහලේ සොබාදහම් සිසු හවුලේ නියමුවරිය ලෙස ඈ සිසු දියණියන් දහස් ගණනකට මේ පාඩම අත්පොත් තබා ඇත.
මේ පසු සටහන තැබීම මා ජීවිතයේ ලද භාග්‍යයකි. ගෞරවයකි. මන්දයත්, මගේ ආදරණීය ගුරුතුමියගේ “කටුමැට්ටෙන් එහා” කෘතිය ගැමි සුවඳ වෑහෙන කතාවන්ගේ සුබවාදී ගමනාන්තයන් අතර හැරවුම් ලක්ෂ්‍යය වනු නියත නිසාය.

පූර්නිමා වීරසිංහ
(අධ්‍යාපනවේදිනී)

Reviews

There are no reviews yet.

Be the first to review “Katumatten Eha – කටුමැට්ටෙන් එහා”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat