Kathana demala-කථන දෙමළ
රු225.00
ශ්‍රී ලංකාව නමැති සමාජ – භූගෝලීය කලාපයෙහි ව්‍යවහාර කෙරෙන ප්‍රධාන භාෂා දෙකකි. එකත් සිංහල යි, අනික දෙමළ යි. මේ භාෂා දෙක නූතන විද්වත් සමාජය පිළිගන්නා භාෂා වර්ගීකරණ විධි අනුව එකිනෙකට වෙනස් භාෂා පවුල් දෙකකට අයත් ස්වාධීන හා දීර්ඝ ඉතිහාසයකට හිමිකම් පවසන භාෂා දෙකකි. වසර දහසකට වැඩි අතීතයක පටන් මේ භූමියෙහි මේ භාෂා දෙක කථා කළ ජනයා එක් ව වාසය කළහ. එහි ප්‍රතිඵලය වූයේ සිංහලය කෙරෙහි අන් සියලු භාෂා කළ බලපෑමට වැඩි බලපෑමක් දෙමළයෙන් සිදු වීම යි. සිංහලයේ වාක් කෝෂයන් පද සාධන විධි හා වාක්‍ය විධියක් තෙරෙහි දෙමළ බසෙහි බලපෑම අනුරාධපුර රාජධානි සමය තරම් ඈත සිට දක්නා බව විද්වතුන් පෙන්වා දෙන්නේ දෙමළ භාෂා ලක්ෂණ එකරමි අතීතයක පටන් සිංහලයෙහි විද්‍යමාන වන බැවිණි. භාෂාව මතු නොව සිංහල සාහිත්‍යය ද දෙමළ සාහිත්‍යයේ බලපෑම ලබා විචිත්‍රවත් වූ බව සාහිත්‍ය ඉතිහාසඥයෝ පෙන්වා දෙති.
විසි එක් වන සියවසෙහි ශ්‍රී ලාංකිකයාට දෙමළය තවත් බසත් පමණක් නො වේ. එය සමාජානුකලනයේ හා මානව සහෝදරත්වයේ මාධ්‍යයක් ද වෙයි. අට කෝටියක් පමණ වන ලොව පුරා විසිරුණු දෙමළ ජනයාගේ හෘද සාක්ෂියේ දෝංකාරය ද වෙයි..
ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලයේ සිංහල හා නූතන භාෂා අධ්‍යයනාංශයේ කථිකාචාර්ය නාරායණන් මල්ලිකා දේවී විසින් සම්පාදිත කථන දෙමළ නමැති මේ කුදු ගත දෙමළ උගන්නා සිංහල භාෂිත ශිෂ්‍ය ප්‍රජාවට දෙමළ භාෂණ ව්‍යවහාරයෙහි පරිච්චයක් අත්පත් සාර ගැනීමට මඟ පෙන්වන නස්තසාර ග්‍රන්ථයක් සේ හැඳින්විය හැති ය. භාෂණ දෙමළයෙහි මූලිකාංග හඳුන්වා දී අනතුරු ව සංවාද සිහිපයත් ඉදිරිපත් කිරීමෙන් කතුවරිය මේ නව බස උගන්නා විදනර්ථයා ප්‍රායෝගිතභාෂා භාවිතය කරා යොමු කිරීම මේ කෘතියෙහි විශේෂ වැදගත්කමක් බව පවසනු කැමැත්තෙමි.









Reviews
There are no reviews yet.