Keheli.lk

20% OFF

Kantharaye Daruwo-කාන්තාරයේ දරුවෝ

රු560.00

‘කන්තාරයේ දරුවෝ’ කතුවරිය වන වාරිස් ඩයරි සිය මිතුරිය වන මාධ්‍යවේදිනී කොරින්නා සමග එක්ව ස්ත්‍රී චර්මඡේදනයට විරුද්ධව යුරෝපය තුළ ඇය ගෙන යන අරගලය මෙම කෘතියට විෂය වී ඇත.
අප්‍රිකානු කාන්තාවෝ ඔවුන්ගේ චාරිත්‍රයකට අනුව ස්ත්‍රී චර්ම ඡේදනය නමැති ව්‍යසනයට ගොදුරු වෙති. යුරෝපීය කාන්තාවෝ සිය ලිංගේන්ද්‍රිය අලංකාර කරගැනීම සඳහා චර්මඡේදනය කරවා ගනිති. අප්‍රිකානුවන් පසුගාමී ම්ලේච්ඡ කොටසක් වශයෙන් සලකන මේ ශිෂ්ට සම්පන්න යැයි කියාගන්නා යුරෝපීය කාන්තාවෝ බුරුතු පිටින් කෘත්‍රිම රූපලාවන්‍ය සායනයන් වෙත ගොස් නීත්‍යානුකූලව චර්ම ඡේදනය කරවා ගනිති. යුරෝපීය කාන්තාවන් අතර සිදුවන ස්ත්‍රී චර්මඡේදනය ගැන සොයා බැලීමේදී පැහැදිලිව පෙනෙන්නට තිබෙන කරුණක් නම් ස්ත්‍රී ලිංගේන්ද්‍රයේ පෙනුම සම්බන්ධව ඔවුන් තුළ කිසියම් පරමාධ්‍යාශයක් නැතිනම් කල්පිතයක් තිබෙන බවයි. ස්ත්‍රී චර්ම ඡේදනය ගැන කතා කරන බොහෝ අවස්ථාවල බොහොමයක් දෙනා කියා සිටින්නේ අප්‍රිකාවේ චර්මඡේදනය සිදු වන්නේ පුරුෂ පක්ෂයේ අවශ්‍යතාවයක් මත බවයි. එසේ නම් යුරෝපයේ තත්ත්වය කෙසේද? යුරෝපය තුළ ද පුරුෂ පක්ෂය තුළ ඇති සෞන්දර්යය සංකල්පයට අනුව ස්ත්‍රිය ක්‍රියාකරන බැව් පැහැදිලිව පෙනෙන්නට තිබේ. එසේ නැති නම් ස්ත්‍රී ලිංගේන්ද්‍රිය අලංකාර කරගනු වස් මෙවැනි කෘත්‍රිම රූපලාවන්‍ය සඳහා වෛද්‍ය සායන පවතින්නේ කෙසේද?
ෂල්මන් රණ්ඩි නමැති ශ්‍රේෂ්ඨ ගත්කරුවා මෙසේ පවසා ඇත. “ ඔබ පින්තූරයෙන් පිටතට පැමිණෙන තුරු ඔබට සම්පූර්ණ පින්තූරය දැකගැනීමට නොහැකිවනු ඇත”
පින්තූරයෙන් එළියට පැමිණෙන්නට දැන් කාලය එළඹ ඇත.

Reviews

There are no reviews yet.

Be the first to review “Kantharaye Daruwo-කාන්තාරයේ දරුවෝ”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat