Keheli.lk

10% OFF

Kadol aththu-කඩොල් ඇත්තු

රු720.00

මෙම යුද ජයග්‍රහණයේ විශාලතම කොටසට හිමිකම් ඇත්තේ ඈත පිටිසර ගම් දනව්වල ජීවත්වන දිලිඳු දෙමාපියනට දාව ඉපදී, නිසි කල වයස පැමිණි වහාම හමුදාවන්ට බැඳී තම රට, ජාතිය සහ අනාගත පරම්පරාව වෙනුවෙන් සටන් කළ වීරෝධාර සෙළුන්ටය. ඔවුන් අතරින් දස දහස් ගණනක් වීරෝධාර සෙබළුන් මව්බිම වෙනුවෙන් දිවි පිදූ අතර තවත් දස දහස් ගණනක් යුද්ධයේදී දරුණු ලෙස තුවාල ලබා පූර්ණ ආබාධිත තත්වයට පත්වූහ. රට ජාතිය වෙනුවෙන් අති උතුම් යුග මෙහෙවරක යෙදුණු මෙම දේශයේ දරුවන්ව, ඔවුන් ලබා දුන් නිදහස භුක්ති විඳින අපගේ රට වැසියන් බොහෝ දෙනෙකුට අද අමතක වී ඇති බව කනගාටුවෙන් වුවද සඳහන් කළ යුතුය.

මෙම නවකතාවේ කථා නායකයා ලෙස එන නාලක පිනසේන ඇතුලු චරිත සියල්ලක්ම මනකල්පිත චරිත වුවද කථා නායකයා මුහුණ දෙන පීඩාකාරී ප්‍රශ්න සියල්ලම පාහේ මෙම ආබාධිත සෙබළුන් හට අප සමාජය තුළ මුහුණ පෑමට සිදුවූ ඒවා බව සඳහන් කළ යුතුය. මෙම ප්‍රශ්න මෙම නවකථාවට ඇතුළත් කිරීමෙන් කතුවරයා බලාපොරොත්තු වන්නේ පූර්ණ කාලීන ආබාධිත සෙබළුන් හට අප සමාජය තුළ අනුකම්පාවක් නොව, ගෞරවයක් ලබාදීමය.

Out of stock

Reviews

There are no reviews yet.

Be the first to review “Kadol aththu-කඩොල් ඇත්තු”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat