Keheli.lk

15% OFF

Kabali Jeewithayaka Sunbun-කැබලි ජීවිතයක සුන්බුන්

රු382.50

පෝලන්තය නට්සි ග්‍රහණයට නතු වී යුදෙව්වන් රැස් කිරීම අරඹන විට බින්ජමින් විල්කොමිර්ස්කි කුඩා දරුවකු පමණි. එස්.එස්. භටයන් කුඩා බින්ජමින්ගේ පියා ඝාතනය කළේ ඔහුගේ ඇස් ඉදිරිපිටමය. අනතුරු ව සිය පවුලෙන් වෙන් කරනු ලැබූ ඔහු නැවත හමුවන්නේ විවිධාකාර යුදෙව්වන් ගහන මැජ්ඩනෙක් ඝාතන කඳවුරේ ය. මෙවිට ඔහු තුන් හෝ සිවු හැවිරිදි ය. මේ හුරුබුහුටි කෘතිය හරහා බින්ජමින් අප වෙත විශ්මයාවහ ජීවිතාවලෝකනයක් ගෙනෙයි. ඔහුට ඇත්තේ පිළිවෙළකට ගොනු වූ මතක පටක් නොවේ. ඒවා එකිනෙක අසම්බන්ධිත මතක කැබලි ය. සුන්බුන් ය. ඔහුට හරිහැටි බසක් නැත. දර්ශනයක් නැත. ඉලක්කයක් නැත. මක්නිසා ද, ඔහු විවිධ අතෝරයන් හා අණ නියෝග මැද ඇති දැඩි වූ කුඩා දරුවකු බැවිනි. ඉදින් ඔහු ඉදිරිපත් කරන නොඉඳුල් වදන් කැටි හරහා පාඨකයා ලොව බලන්නේ ඔහු සේම අහිංසක ළමා ඇසකිනි. ඒ ළමා ඇස කුඩා ය. සියුමැලි ය. එහෙත් එය අප මෙහෙය වන්නේ ඔහු විඳි අනේකවිධ භීෂණය, ඒ ආදරය, දයාව, මිත්‍රත්වය ආදී සංවේදනාවන් ඒ ලෙස ම අපත් අතිවිඳීමට ය. සියල්ලටමත් වඩා ඔහු දිවි ගලවාගත් සැටිත්, සැබෑ ලෝකයට සම්ප්‍රාප්ත වීමට ඇවිද ගිය වෙහෙසකර ගමනත් අපට විශද ලෙස පසක් කර ගැනීමට ය.

Reviews

There are no reviews yet.

Be the first to review “Kabali Jeewithayaka Sunbun-කැබලි ජීවිතයක සුන්බුන්”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat