Jurasika Adirajjaya – ජුරාසික අධිරාජ්‍යය
රු800.00
”ඔයාගේ අනුමාණය හරි ඇලනේ. මෙයාගේ තියෙන්නේ කිටේසියස් යුගයේදී මිහිතලයෙන් වඳවෙලා ගිය ඩයිනෝසරයින් ගේ ජාන සංයුතියක්. මම මේ කෘමි රංචු ගැන පහුගිය ජනවාරියේ ඉඳලුම වීමසිල්ලෙන් හිටියේ. මුලින්ම මේ කෘමි රංචුවල හිටියේ පළගැටියන් සිය ගණනක්. හැබැයි ගිම්හාන සෘතුව අවසන් වෙද්දී පළගැටියන් මිලියන් ගණනක් බිහිවෙලා. මේ තත්ත්වය මහා විනාශයක ආරම්භයක් කියලා මට වැටහෙනවා. ඒක ස්වභාවික ආහාර දාමවල සමතුලිත බවටත් විශාල අනතුරක් කරනවා. මේ පළගැටි ගහණය තව දුරටත් වර්ධනය වුණොත් කුකුලුන්ට වගේම ගොවිපොළ සත්තුන්ට ආහාරයට ගන්න කිසිම පැලෑටියක් ඉතිරිවෙන එකක් නෑ. ඒ වගේම ස්වභාවික ආහාර දාමයත් සුණු විසුණු වෙනවා.”
කූඩුව තුළ වැතිර සිටින යෝධ පළගැටියා දෙස තව දුරටත් විමසිල්ලෙන් බලා සිටි ආචාර්ය ඇලන් ග්‍රාන්ථි මෙසේ පැවසීය.
” මට හිතෙන විදිහට මේ ඉන්නේ විද්‍යාඥයින් විසින් කෘතිමව නිර්මාණය කරපු පළගැටියෙක්. ඒ වුණත් කවුරුහරි කෙනෙක් මෙහෙම සතෙක් නිර්මාණය කරන්නේ ඇයි ?
අන්න ඒකයි මට තියෙන ගැටළුව.”
”බයොසින් සමාගමෙන් නිෂ්පාදනය කරන බීජ වර්ගවලින් හැදෙන පැලෑටි විතරක් මේ පළගැටියා ආහාරයට ගන්නේ නැහැ.”
එලී එසේ කීවාය.









Reviews
There are no reviews yet.