Keheli.lk

10% OFF

Jeewithaya yali soyaganima – ජීවිතය යළි සොයාගැනීම

රු900.00

“තරගය මැදට පැනලා දුවන්නේ නැතිව, තරගයෙන් ඈත් වී නැවතී සිටින මිනිසුන්ට තමන් වගේ ම නැවතී සිටින තවත් අය හමුවෙනවා. එතකොට ඔවුන් අතර වෙන ම ‘සංඛ්‍යාතයක’ ම සම්බන්ධතා ගොඩනැගෙනවා. ඔවුන්ට අර තරගයට දුවන මිනිසුන් විහිළුවක් ලෙස පෙනෙන්න පටන් ගන්නවා. ඒ නැවතී සිටින අය ගේ ‘සංඛ්‍යාතය’ තරගයට දුවන අය ගේ සංඛ්‍යාතයට වන්නේ නැහැ.

කඳු තරණය කරන්නන්ට කඳු තරණය කරන්නන් හමුවෙනවා. කිමිදුම්කරුවන්ට තවත් කිමිදුම්කරුවන් හමුවෙනවා. අහිකුණ්ඨිකයන්ට තමන් වැනි ම තවත් අහිකුණ්ඨිකයන් හමුවෙනවා. ඔවුන් හැමෝට ම තම තමන්ට අනන්‍ය සංඛ්‍යාත තියෙනවා. ඒ සංඛ්‍යාත අනුව එක ම රිද්මයකට අනුනාද වන අය එකට ගමන් කරනවා. ඔවුන් හොඳ ගමන් සගයන් වෙනවා.
මෙහෙම සමාන සංඛ්‍යාතයකුන් යුතු දෙදෙනෙකු හමුවුණා ම ඔවුන් අමුතුවෙන් දැන හඳුනාගන්නට කාලය වැය කළ යුතු වන්නේ නැහැ. ඒ වගේ ම අමුතුවෙන් එකිනෙකා ගේ කතාව පහදා දිය යුතු වන්නේ නැහැ. හරි සංඛ්‍යාතයට සුසර කළා ම රේඩියෝවේ සංගීතය ඇහෙන්න පටන් ගන්නවා වගේ ඒ සම්බන්ධතාව ක්ෂණිකව ම ගොඩනැගී ඉදිරියට ගලා යනවා.”

Category: Author: Publisher:

Reviews

There are no reviews yet.

Be the first to review “Jeewithaya yali soyaganima – ජීවිතය යළි සොයාගැනීම”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat