Isiwara upadesha – ඉසිවර උපදේශ
රු247.50
පරිකල්පන අවකාශය තුළ වචනයට ඇත්තේ ඉහළ වටිනාකමක් නො වේ. සියුම් වූ භාවයන් වචනවලට පෙරළීමේ දුෂ්කර අභ්‍යාසය අතර තුර කවියා, සාහිත්‍යකරුවා පවා බොහෝ විට නන්නත්තාර වී දුර්මුඛ වී යයි. එහෙත් කවියාට, සාහිත්‍යකරුවාට නිරන්තර ව හරඹ කිරීමට සිදු ව ඇති මෙවලම වන්නේ ද වචනයයි.
ජීවිතයේ යථාව හඳුනා ගැනීමේ ලා වචනයක, භාෂාවක ඇත්තේ කවර නම් ශක්‍යතාවක් ද? මේ ප්රශ්නය කවියාට ද වැඩියෙන් බලපෑම් කරන්නේ චින්තකයාට, දාර්ශනිකයාට විය හැකි ය.
චින්තනය වනාහි
අහසේ පියාඹන පක්ෂියකු සමානය. වචනය නම් කැදැල්ලෙහි
එම පක්ෂියාට සැබෑ ලෙසින්ම
සිය පියාපත් විහිදාලිය හැකි වුවද ඒ තුළ පියාසර කිරීම නම්
කළ නොහැක්කේමය.
(ඉසිවර උපදේශ – 196 පිටුව)
ඛලීල් ජිබ්රාන් නම් වූ ඉසිවර කවියා හා චින්තකයා මේ අභියෝගය උපරිම ලෙස ජයගනිමින් අපට අපේ කූඩු තුළ පියාපත් විහිදාලිය හැකි අවකාශයක් නිර්මාණය කරයි. වචන වංකගිරියක අතරමංව සිටින අප වෙත කෙටි වැකි ඔස්සේ එල්ල කෙරෙන මෙම සියුම් ආලෝකධාරා බුද්ධියේ නිම්වලළු ප්‍රසාරණය කරමින් ම වින්දනීය මිහිරක් ද අප තුළට කාන්දු කරයි. අර්ථය තීව්ර ලෙස කුළුගැන්වූ ‘හයිකු කවි’ වැනි මේ ඉසියුම් අවධාරණ කෙනෙකුගේ ජීවිත ගමනට මාලිමාවකි.
කලාවේ, සාහිත්‍යයේ, දර්ශනයේ විවිධ ඉසවු සොයා යමින් ඒවා සිංහල පාඨකයාට ප්රදානය කිරීමේ ප්රයත්නයෙහි කලක සිට ම නියැළී සිටින පූජ්‍ය මණ්ඩාවල පඤ්ඤාවංස හිමියන්ගේ මේ උතුම් වූ ධර්මදානයේ මහත්පල මහානිසංස දැන් දැන් පාඨකයා වෙත ද ගලා එමින් ඇතැයි මට හැඟේ. එහි අසිරිමත් ප්‍රතිඵල අනාගතයේදී ද භුක්ති විඳින්නට ලැබේවා!
Out of stock








Reviews
There are no reviews yet.