Keheli.lk

10% OFF

Indianu janakatha – ඉන්දියානු ජනකතා

රු1,125.00

ඉන්දියානු ජනකතා, සිංහල අපට ඉතා සමීපයි; ඒ ඉන්දියාව, ශ්‍රී ලංකා දිවයිනේ අති සමීපතම ඥාතියා වීම හේතුවෙන්. ඉඳින් ලොව පුරා රටවල් දහයක ජනකතා හැත්තෑ දෙකක් පියසේන වික්‍රමගේ සිංහලට අනුවර්තනය කර ඇත. ඒ අතරින් ඉන්දියානු ජනකතා නම් මේ සංග්‍රහයේ ජනකතා තිස් හතරක් (34) ඇතුළත්ය.
මේ ඉන්දියානු ජන කතන්දර රජුන්, බිසවුන්, ප්‍රභූන්, ධනවතුන්, දිළින්දන් පිළිබඳ ජනකතා පමණක් නොවෙයි. ව්‍යාඝ්‍රයෝ, පුංචි කුරුල්ලෝ, හිවල්ලු, යෝධ බිලාලයෝ වගේම ගිරවු සහ බූරුවෝ ද සිටිති. මුව රජවරු ද හිඳිති. ඒ විතර ද ? සත්තු, මිනිසුන් වගේ කතා කරති…!
සත්තු – සත්තු පමණක් නොවේ. මිනිසුන් සමග ද අදහස් හුවමාරු කර ගනිති. තවත් විශේෂ පිරිසක් ද ඉන්නවා; ඒ යක්ෂයන් හා රාක්ෂයන්; මිනිසුන්ගේ හුස්ම පොද නිසි කල්හි රැගෙන යන යම දේවයා ද වෙයි. ඒ හැර විවිධ වර්ගයේ දෙවිවරු ද ඉන්නවා. නල දමයන්ති කතාවේ දමයන්තිගේ අත පතා එන දෙවිවරු ද ඉන්නවා; නල කුමරුගේ වෙස් ගෙන ස්වයං වරයේදී කලබගෑනි ද කරති. සාපයක් නිසා දුෂ්මන්ත රජුට 3 සකුන්තලාව හඳුනා ගැනීමට බැරි වූ මොහොතේ පිහිටට එන්නේ මහා දේව රාජයෙකි.
කියන්න – ලියන්න බොහෝ විස්තර ඇත. ඉඳින් ඉන්දියානු ජනකතා කියවාම බලනු යෙහෙකි.

Reviews

There are no reviews yet.

Be the first to review “Indianu janakatha – ඉන්දියානු ජනකතා”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat