Keheli.lk

15% OFF

Hopalu kusuma – හෝපලු කුසුම

රු935.00

ඉහළ ගස් අතු මලින් බරව පහළට කඩා හැලේ. රොනට ඇදෙන මී මැසි, බඹර සේනා ද නන් පැහැගත් සමනලුන් ද ඒ වටා සරති. ඒ නම් එකම රස ගුලාවකි. කුමරු තම සිහින් වස්දඬුව ගෙන පහත් ස්වරයෙන් ඒ හඬවන්නට විය. හෝපලු ගස් දෙකක් අතර වූ දෙබලක් මත හිඳ තමා කොතෙක් වේලා වස්දඬුව වැයුවාදැයි ඔහුට මතකයක් නැත. ඒත් මල් ගුලාව අඳුරු පැහැයෙන් යුත් සළු අඳින්නේ රාත්‍රිය උදාවන බව දැනී හනික ගස් දෙබලින් මෑත් විය.
ඒ අතර එක් හෝපලු ගසක් මැද හුලස්සේ හුන් රුක් දේවතාවියක් කුමරුගේ නෙත ගැටුණි. ඔහුගේ දෑසේ කළු ඉංගිරියා පළල් විය. දෙව්ලිය සෙමෙන් ගසින් පහළට බසී. ඈ යටිකයට ඇඳුම් ඇඳ සිටි අතර උඩුකය නිරාවරණය වී තිබිණ. කලින් දින මහ වීදිය මධ්‍යයේ දුටු දර්ශනය මේ හා සමාන බව කුමරුට සිහි නැගුණි. දෙව්ලියක මුත් ඈ බියෙන් ත්‍රස්තව වෙවුලන්නට වී, නෙළා ගත් හෝපලු කුසුම් මිටින් බිමට හළමින් වරදට දඬුවම් පතනා වරදකාරියක මෙන් බිමට යොමු කළ දෑසින් යුතුව කුමරු ඉදිරියේ අසරණ ව සිටියා ය.

Reviews

There are no reviews yet.

Be the first to review “Hopalu kusuma – හෝපලු කුසුම”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat