Keheli.lk

10% OFF

Higana kolla – හිඟන කොල්ලා

රු1,125.00

සියුම් කලාකාරියක් වශයෙන් නව නාට්‍ය රසයෙන් පරිපූර්ණ ප්‍රථම සිංහල නවකතාව – සිරියලතා – උත්පාද කිරීමෙන් සතළොස්ස්වියේ දී ම සිංහල සාහිත්‍ය ලෝකයේ අසහාය ගෞරවාදරය දිනූ, හෙළදිව මහා නවකථාකරු මෙන් අර්ධ ගත වර්ෂයක් සපුරා බැබළුණු වැල්ලෙවත්ත ආරච්චිගේ ඒබ්රහම් සිල්වා 1890 ජනවාරි 16 වැනි දින වැල්ලෙවත්තේ මධ්‍යම පංක්තියේ පවුලක උත්පත්තිය ලැබුවේ ය. හෙතෙම ජන්ම දායාදය වශයෙන් ලත් කලා කෞශල්‍යය ඇත්තේ විය – සිංහල, පාළි, සංස්කෘත, ඉංගිරිසි ආදි භාෂා ශාස්ත්‍රයන්හි හසළ බුද්ධියෙන් විශාරද විය – ලෝක ධර්ම හා නරස්වභාවය හැඳිනීමේ තියුණු නුවණින් ප්‍රවීණ විය අවලෝකනයෙන් හා ප්‍රතිභා ශක්තියෙන් අග්‍රප්‍රාප්ත විය – තමා විසින් ම නිර්මිත නිරාකූල ව්‍යක්ති ශෛලියකින් සිය බසේ හාස්කම් දැක්වීය. තුරුණු වියෙහි දී වෙළෙඳ ලිපිකරුවකු වශයෙන් ගෙවුණු සුළු කාලය ද “ලංකා සමය” වැනි පුවත්පතින් මෙන් ම “සිරිසර” “නුවණ” “තිලක” වැනි මාසික සංග්‍රහයන් තුළින් පුවත්පත් කලාව වෙනුවෙන් කැරුණු සේවය ද හැරුණු විට නව කථාකරණය සඳහා ඔහුගේ මුළු කාලය යෙදුණේ ය – ශ්‍රම ශක්තිය ගෙවුණේය.
ඩල්යු ඒ. සිල්වාගේ ශ්‍රේෂ්ඨතම ප්‍රබල පෑන, 1957 මැයි 31 වැනි දින සිට සදහටම ක්‍රියා විරහිත වී ඇත්තේ ය. ඔහුගේ නව නිෂ්පාදනයක රස විඳුනා කුසල බලය අප කෙරෙන් තුරන් වී ඇත්තේය.එහෙත් සිංහල සාහිත්‍යය වෙනුවෙන් මුළු ජීවිතය කැප කොට, පනස් වසරක් තුළ ඔහු විසින් ලියා තැබූ අගනා මිණිවන් අමරණීය මහා පොත් රැසක් නොනැසී පවතින්නේය.

Category: Author: Publisher:

Reviews

There are no reviews yet.

Be the first to review “Higana kolla – හිඟන කොල්ලා”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat