Heena nodakina jeewitha -හීන නොදකින ජීවිත
රු680.00 රු544.00
වත්මනේ හැම මනුෂ්‍ය ජීවිතයක් ම කාලාන්තරයක් තිස්සේ ජරාජීර්ණ ආණ්ඩුකරණයන් තුළ වෙහෙසට පත්ව තිබේ. කිසිම සමාජ සංස්ථාවක් නිරුපද්‍රිතව නැත. බලය වෙනුවෙන් මනුෂ්‍ය ජීවිතයක පැවැත්ම තීන්දු කරන අන්දම සාහසික ය. අපරාධයකට නීතිය ක්‍රියාත්මක වීමක් හෝ යුක්තිය ඉටු වීමක් විද්‍යාමාන නොවේ. අනෙත් පැත්තෙන් මනුෂ්‍ය සම්බන්ධතා බිද වැටෙන ‘ යුරු ශෝචනීය තත්වයක ය. මෙබඳු පසුබිමක මෙබඳු පසුබිමක නිර්මාණකරුවෙකුට හැම අවකාශයකදී ම අත්විඳින්නට ලැබෙන්නේ විවිධාකාර සමාජ දේශාපාලන – සංස්කෘතික හේතු සාධක මත විපරීත යථාර්ථයන් ය.
මේ කෙටි කතා සංග්‍රහයේ සියලුම කතා සමාජ දේශපාලන – සංස්කෘතික ක්ෂේත්රයන් විෂයෙහි අනුවේදනීය වූ සසලවීම් හා සහකම්පනය පාදක කර ගැනුණ ඒවා වේ. හැම කතාවක්ම පාඨකයා සමඟ තාර්කික පදනමක ස්වයං සංවාදයන් ගොඩ නැඟීමට අදාළ ‛කල්පනා’ උද්දීපනය කරන සුළු ය.
ජීවිතය, සමාජ බලවේග විසින් ද – සමාජය, විවිධාකාර දෘෂ්ටිවාද විසින් ද – ‘හසුරුවන අන්දම අනුවේදනීය වියමන් ඔස්සේ ඉදිරිපත් කරන මේ කෙටි කතා පාඨකයාගේ ජීවිතාවබෝධය පුළුල් කරන අභිප්‍රායෙන් රචිත ය.
Related products
- Add to cart
-
20% OFFRead more

Out of stock
- Add to cart
-
10% OFF

Out of stock
Read moreKalawe aswada rasa budu dahama sha saundarya (osho)-කලාවේ ආස්වාද රස බුදු දහම සහ සෞන්දර්යය(ඕෂෝ)
වෙනත්රු450.00රු405.00






Reviews
There are no reviews yet.